IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කොරෝනා ප්‍රතිරෝධී එන්නත ශ්‍රී ලංකාවට දෙන්න රුසියාව සූදානම්

රුසියාවේ නිෂ්පාදනය කළ කොරෝනා ප්‍රතිරෝධී එන්නත ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට බලාපොරොත්තුවෙන් සිටින බව රුසියානු තානාපති යූරි මැටේරි මහතා, නව රජයේ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දී තිබේ.

කොරෝනා ප්‍රතිරෝධී එන්නත හඳුන්වාදීම පිළිබඳ යෝජනාව අමාත්‍යවරයාට දන්වමින් මැටේරි මහතා මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලාංකිකයන්ට භාවිත කිරීම සඳහා මෙම එන්නත ලබාදීමට රුසියානු තානාපතිවරයා කැමැත්ත පළ කළ බවද,  එය ලබාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට දෙරට අතර සබඳතා පවත්වාගන්නා ලෙස දැනුම් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය බලධාරීන්ගෙන් උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව මෙයට ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා පැවසීය.

16844



අදහස් (11)

කොරෝනා ප්‍රතිරෝධී එන්නත ශ්‍රී ලංකාවට දෙන්න රුසියාව සූදානම්

Nuwan Wednesday, 19 August 2020 08:21 AM

දෙයි හාමුදුරුවනේ... මේ රුසියානු එන්නතේ අනාරක්ෂිත භාවය ගැන ලෝකයේ හතරවටේ කතාවෙනවා.. රුසියාව හදන්නේ දුප්පත් අපේ රට ඒ ගොල්ලන්ගේ එන්නත පරීක්ෂා කරන තැනක් කරගන්න.. අපේ මතුපරම්පරාවට දෙවි පිහිටවත් නැහැ.

:       50       221

ana Wednesday, 19 August 2020 08:22 AM

ටෙස්ට් කරන්නද?

:       4       124

බද්රානි Wednesday, 19 August 2020 09:14 AM

කොහොමත් මේ එන්නත සත්තුන්ටත් අන්ත, තිරිසන් ගතිපැවතුම් තියන අයට විදලා ටෙස්ට් කර බලන්න රුසියාව අරගෙන තියන තීරණය නිවැරදියි. බලය වෙනුවෙන් ත්‍රස්තවාදීන්ව පෝෂණය කරලා තම වර්ගයාවම නැසූ (අප්‍රියල් 21 ප්‍රහාරය) ජාතිය ගැන රුසියානුවන් පවා දැනුවත් ඇති...

:       16       86

Dubai Sanath Wednesday, 19 August 2020 09:30 AM

මේ යොදාගෙන තවම තුන්වන අදියරේ පරීක්ෂාවක් සිදුකර නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනුමත කර නැහැ. තාම මාස තුනකින් පමණ චීන එන්නත පරීක්ෂණ අවසන් කරනවා. එයාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණොත් නොමිලේ ලබාගත හැකියි. එතෙක් ඉවසන්න. මිනිසුන්ගේ ජීවිත අවදානමකට නොදා...

:       0       155

asela Wednesday, 19 August 2020 10:01 AM

නව එන්නතක් අලුතෙන් සොයා ගත්තාම එය ටෙස්ට් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන නිර්භීත පුද්ගලයින් ලෝකයේ සිටිනවා. මනුෂ්‍ය වර්ගයාගේ සුබ සිද්ධිය වෙනුවෙන් තම ජීවිතය කැප කිරීමට තරම් නිර්භීත පුද්ගලයෙක් සිටින නිසා තමයි අනිත් අයටත් එ් එන්නත ගන්න ලැබෙන්නේ... ලංකාවේ අයට ඒ වගේ එන්නතක් සොයා ගන්නත් බෑ.. අඩුම ගානේ වෙනරටක් හොයා ගත්තාම ටෙස්ට් කරන්න ඉදිරිපත් වෙන්නත් බැහැ.

:       58       0

PradeepWednesday, 19 August 2020 02:05 PM

හොඳයි.. ඔයා කැමතිද මේ සඳහා ඉදිරිපත් වෙන්න. වෛරසය දැනට ආසාදනය වෙලා නැත්නම් ආසාදනය කරගෙන හෝ ඔබ මේ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා නම් ඔබ කියූ දේට එකඟ වීමට හැකියි.

:       0       2

kamal Wednesday, 19 August 2020 10:19 AM

මේක ලැබෙනවා නම් කබරගොයත්, තලගොයා කරන්න පුළුවන් නේද?

:       30       35

banda Wednesday, 19 August 2020 02:14 PM

අලුත් එන්නතක ගුණ අගුණ දැනගන්න වසර කිහිපයක් යනවා.. මේක ලංකාවට ගේන්න එපා. හොඳනම් පසුව ගන්න පුළුවන්...

:       3       47

රංජිත් Thursday, 20 August 2020 03:15 AM

රුසියාව බොහෝදේවල් වලින් අනික් රටවල් වලට වඩා ඉහළින් ඉන්න රටක්. බය වෙන්න දෙයක් නැහැ. ඔය ඇමරිකාව ෆාමසි බෙහෙත් මාෆියාවට පහර වදිනවාට බයේ කියන කතා ගණන් ගන්න එපා...

:       23       79

කළුආරච්චි කංකානමලාගෙ වරුණ සමන් කලුආරච්චි Thursday, 20 August 2020 04:31 AM

රුසියාවෙන් කොරෝනා ප්‍රතිවිරෝධී එන්නත් ලබාගැනීම හොඳයි.. නමුත් මම විශ්වාස කරන විදිහට කොරෝනා වලින් හොඳටම ජයගත්තේ ශ්‍රී ලංකාව.. ඒ ඔය එන්නත තිබිලා නෙමෙයි එහෙම නම් ඔයිට වඩා හොඳ එන්නතක් ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ..

:       0       2

Bamunuarachchi Friday, 21 August 2020 07:46 AM

ඇමෙරිකාවට දෙන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31681 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14147 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11122 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 192 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1122 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site