IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කොරෝනා නිසා ආණ්ඩු කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටිලා

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ජනතාව ආණ්ඩු කෙරෙහි තැබූ විශ්වාසය බිඳ වැටී ඇතැයි නවතම අධ්‍යයන වාර්තාවකින් අනාවරණය වී ඇත.

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම රටවල ලොව ආණ්ඩු දැඩි පරිශ්‍රයක් ගනිමින් සිටින අතර මිලියන ගණනක් ජනතාව මත පනවා තිබෙන ‘ලොක්ඩවුන්’ සීමා හේතුවෙන් ආර්ථික කඩා වැටෙමින් තිබේ.

විශේෂයෙන්ම ලොව ධනවත්ම රටවල් හයක ආණ්ඩු කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය බිඳ වැටී වී ඇතැයි එම අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ.

ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍ය, ජපානය, ස්වීඩනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවලින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන සහ වයිරස ආසාදිත මරණ දැනට වාර්තා වන ගණනට වඩා වැඩි යැයි ද එම රටවල ජනතාව විශ්වාස කරති. එම සෑම රටකම දහස බැගින් තෝරාගෙන මෙම අධ්‍යයනය සිදු කර තිබේ.

මෙම අධ්‍යයනය කර ඇත්තේ ලෝ ප්‍රකට සන්නිවේදන උපායමාර්ග සහ උපදේශන කණ්ඩායමක් වන ‘‘කෙක්ස්ට් සී.එන්.සී’’ ආයතනයයි.

‘‘මේ මාසය සැලකිල්ලට ගැනීමේ දී ලොව බොහෝ රටවල ජාතික ආණ්ඩුවට ලැබෙන සහයෝගය අඩු වෙලා’’ යැයි ‘‘කෙක්ස්ට් සී.එන්.සී’’ ආයතනය සිය වාර්තාව නිකුත් කරමින් සඳහන් කරයි.

බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සොනාරෝ නව කොරෝනා වයිරසය පාලනය නොකළ බවට දැඩි ලෙස විවේචනයට ලක්වූ ලෝක නායකයෙකි. ඔහුට වයිරසය ආසාදනය වී ඇතැයි ජූලි 7 වැනිදා තහවුරු විය. ඉන් පසු තවදුරටත් ඔහුට වයිරසය තිබෙන බව දෙවතාවකදී ‘කොවිඩ්-19’ පරීක්ෂණවලින් තහවුරු විය. කෙසේ නමුත් තවදුරටත් ඔහුට වයිරසය නැතැයි සෙනසුරාදා කළ පරීක්ෂණයෙන් වාර්තා විය.

‘‘තමන්ට ඇත්තේ පුංචි උණක්’’ යැයි බරපතළකම නොසලකා හරිමින් බ්‍රසීල ජනාධිපතිවරයා පැවැසීය. වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබියදී ද බ්‍රසීල ජනාධිපතිවරයා යතුරු පැදියක් පදින අයුරුත් ජනාධිපති මන්දිරයේ මුරකරුවන් සමඟ මුඛ ආවරණ නොපැළඳ කතා කරන අයුරුත් දක්නට ලැබිණි.

ලොව බොහෝ රටවලින් නැවත වරක් වයිරසය පැතිර යෑමට පටන් ගෙන තිබෙන අතර ආසියාවේ රටවල් රැසකින්ම වයිරස ආසාදිත නව පොකුරු වාර්තා වෙමින් තිබේ.

දකුණු කොරියාවෙන් මාස හතරකට පසු දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ පෙරේදා (25) එනම් සෙනසුරාදා වාර්තා විය. වියට්නාමයෙන් දින 100කට පසු පළමු වරට ප්‍රජා ව්‍යාප්තියක් වාර්තා විය.

නව ආසාදිතයන් වාර්තා වීමත් සමඟ චීනයේ වරාය නගරයක් වන දලියන් හි වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා නව පියවර ගන්නා බව එරට බලධාරීහු ප්‍රකාශ කළහ. එම නගරයේ ජීවත් වන පිරිස මිලියන 6කට ආසන්න වේ

ඒ.එෆ්.පී.

055



අදහස් (7)

කොරෝනා නිසා ආණ්ඩු කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටිලා

සේන Sunday, 26 July 2020 07:41 PM

මේ ප්‍රවෘත්තිය දාලා තියෙන්නෙ හරියට අපේ ආණ්ඩුව ගැන කළකිරිලා වගේ. සත්‍ය දකිමු අපි.

:       0       70

සමිත සේනක අලුත්ගමගේ. Monday, 27 July 2020 12:24 AM

සත්‍ය වශයෙන්ම, මේ වෛරසය නිසා හොඳින් තිබුන ලෝකය උඩු යටිකුරු වුණා. රාජ්‍ය නායකයන්ගේ ඉහමොළ රත් වුණා. මිනිසුන් බය බිරාන්ත වුණා. බොහෝ කටයුතු අකර්මණ්‍ය වුණා. මේ වෛරසය ඒ තරම්ම ලෝකයට විශාල හානියක් කළා. වෛරසය නිපදවූ වේ යැයි කියන ඇමරිකානු විද්‍යාඥයෙකු අත්අඩංගුවට ගත්තා. ඒත්, ඒ ගැන කිසිදු ශබ්දයක් නැහැ. චීන ජාතික කාන්තාවක් චීන රජයෙන් මුදල් ගෙවා එය චීනයට ගෙනගොස් වැඩිදියුණු කළා කියා මතයක් තිබුණා. ට්‍රම්ප් චීනයට චෝදනා කළත්, ඒ කාන්තාව අත්අඩංගුවට ගත් බවක් පෙනුනෙ නෑ. කෙසේ වෙතත්, මේ වෛරසය ලෝකයට කවරෙකු හෝ මුදාහැරියා නම්, ඔවුන් කවුරු වුණත්, කුමන රට උනත්, ඊට ලොවම එකතුවී නිසි පියවර ගත යුතුයි නේද ?

:       0       107

Bamunuarachchi Monday, 27 July 2020 02:05 AM

මම හිතුවේ මේ කතා කරන්නේ ලංකාව ගැන කියලා.

:       9       31

ගරසරප Monday, 27 July 2020 02:19 AM

ආන්ඩු මිනිස්සු වෙනුවෙන් නොවේ ලොකු බහුජාතික කොම්පැණි වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි බව මෙතනින් ඔප්පු උනා. දවසක් වැඩට ආවෙ නැති උනොත් පඩිත් නැති කන්නත් නැති මිනිස්සු මේ දියුනු රටවල් වල කොපමන ඉන්නවද කියල දැන් පේනවා. ඒ මිනිස්සු ලෙඩේ තිබුනත් මහලු නිවාස වල වැඩට ගොහිං ඒ නිවාස වල ඉන්න සීයල ආච්චල බුරුතු පිටින් මැරෙනකොට ඔන්න කට්ටියට පත්තු වෙලා.

:       1       17

sharm warn Monday, 27 July 2020 04:38 AM

මමනම් හිතන්නේ අපේ රටේ ආණ්ඩු ගැන මිනිස්සු හිත බිඳ වැටුනේ කොවිඩ් 19 එන්න ගොඩක් කලින්.

:       137       131

KAMAL Monday, 27 July 2020 04:44 AM

ආණ්ඩුව එපාවෙන්න තවත් හේතුවක් තමයි වුවනෙකබා මණ්ඩපය. තොන්ඩමන්ගේ මළගෙදර, වගේ දේවල්.

:       414       408

Asanga Monday, 27 July 2020 08:01 AM

ඔව් ඉතින් යහපාලනේ තිබ්බා නම් එහෙමත් කියන්න තිබුණා... සමස්තයක් වශයෙන් මේ ආණ්ඩුව සාර්ථකව මුහුණ දුන්නා. ඉදිරියටත් බලමුකෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31698 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14163 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site