IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරෝනා දේහයක් නිසා මහනුවර රෝහලේ මළසිරුරු එකතුවෙයි

(චමිල් රූපසිංහ)
 
කොවිඩ් ආසාදිතයකුගේ මළ සිරුරක් ශීතාගාරයක තැන්පත්කර තැබීම හේතුවෙන්, මහනුවර රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණ කිරීමට නොහැකි වූ මළසිරුරු 5 ක් මෘත ශරීරාගාරයේ තිබෙන බව මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සිව සුබ්‍රමනියම් මහතා පවසයි.
 
කෝවිඩ් ආසාදිතව මිය ගිය තැනැත්තා මහනුවර ජාතික රෝහලේදී පසුගිය 19 වැනි දින මරණයට පත්වී ඇති අතර අකුරණ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව අනාවරණය වී ඇත. මියගිය පුද්ගලයාගේ දේහයට යළිත් පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔහුගේ ඥාතීන් නිතීඥවරයෙකු මගින් මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂවරියගෙන් ඉල්ලා තිබිණි. එය ප්‍රතික්ෂේපවීමෙන් පසු මළ සිරුර ආදාහනය කිරීම සඳහා මරණ සහතිකය බාර ගැනීමට ඥාතීහු පැමිණ නොසිටියහ. එබැවින් මළ සිරුර මෘත ශරීරාගාරයේ අධි ශීතාගාරයේ තැන්පත් කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබිණි.
 
මළ සිරුර ආදාහනය කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලෙස මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සිව සුබ්‍රමනියම් මහතා පොලීසියෙන් අලවතුගොඩ පොලීසියට දැනුම් දී තිබුණත් පොලීසිය මෙතෙක් එම නියෝගය ලබාගෙන නොමැති බවද මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සිව සුබ්‍රමනියම් මහතා පැවසීය.
 
මෙම තත්ත්වය තුළ මෘත ශරීරාගාරයේ වැඩකටයුතු සිදුකිරීම සෞඛ්‍යයට තර්ජනයක් බව පවසමින් වෛද්‍යවරු ඇතුළු සේවක මණ්ඩලය වැඩ වර්ජනය ක්‍රියාත්මක කළහ. වර්ජනය හේතුවෙන් රෝහලේදී සාමාන්‍ය රෝග තත්ත්වයන් නිසා මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු ලබා ගැනීමටද ඔවුන්ගේ ඥාතීන්ට නොහැකි වී ඇත.
 
කොවිඩ් ආසාදිතයාගේ මරණය සම්බන්ධයෙන් අදාළ වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා විසින් මරණයට හේතුව පැහැදිලිව දන්වා තිබියදී  මහේස්ත්‍රාත් නියෝගයක් නොමැතිව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කළ නොහැකි බව මහනුවර ජාතික රෝහලේ හදිසි මරණ පරික්ෂක බී විජේකෝන් මහතා ද පැවසීය.
 
නිරෝධායන නීති ප්‍රකාරව  2020 නොවැම්බර් 04 වැනි දින නිකුත් වු අතිවිශේෂ  නිරෝධායන පනතට අනුව කොවිඩ් ආසාදිත රෝගියකු මියගිය පසු අදාළ දේහය පිළිබද අවසන් කටයුතු සිදුකිරීමේ බලය රෝහල් බලධාරින්ට ඇති බවද මහනුවර ජාතික රෝහලේ හදිසි මරණ පරික්ෂක බී විජේකෝන් මහතා කීවේය.
 
මියගිය පුද්ගලයාගේ නිරෝධායනය වෙමින් සිටින ඥාතීන් අද (04) දින රෝහල වෙත පැමිණෙන බව දන්වා තිබෙන හෙයින් අදාළ දේහය පිළිබද තීරණයක් ඉන්පසු ගත හැකි බව මහනුවර ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂිකා ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
 
කොවිඩ් ආසාදිත මළ සිරුරක් ආදාහනය කිරීමට පියවර නොගෙන සති දෙකක කාලයක් මෘත ශරීරාගාරයේ අධි ශීතකරණයක තබා ගැනීමෙන් සෞඛ්‍යයට තර්ජනයක් වන බව පවසමින් මහනුවර ජාතික රෝහලේ මෘත ශරිරාගාරයේ සේවක මණ්ඩලය අද (03) වැඩවර්ජනයක නිරත වූහ.
 



අදහස් (2)

කොරෝනා දේහයක් නිසා මහනුවර රෝහලේ මළසිරුරු එකතුවෙයි

Sirge eka neethiya Sunday, 03 January 2021 02:17 PM

සර් දැනගත්තොත් සිරා වැඩක් දෙයි.

:       0       0

fairoos Monday, 04 January 2021 07:06 AM

මේ අයට නම් හැමදාම ආදාහනයද? භූමදානයද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31560 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13917 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11076 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 161 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1085 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site