IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කොරෝනා ඌරගස්මංහන්දියේ කොටසක් වසාදමයි

(අමරසිරි රණසිංහ)
 
කොරෝනා රෝගියෙකු බවට පී.සී.ආර්. පරික්ෂණයකින් තහවුරු වූ අහුන්ගල්ල කටුවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඉකුත් 14 (බදාදා) දින ඌරගස්මංහන්දිය නගරයට පැමිණ තිබූ බව හෙළි වීමත් සමග ඔහු පැමිණි බව කියන ව්‍යාපාරික ස්ථාන ඇතුළු ස්ථාන 5ක් වසාදැමූ බව සෞඛ්‍ය අංශ පවසයි.
 
මෙම පුද්ගලයා ඉකුත් 14 (බදාදා) දින ඌරගස්මංහන්දියට යතුරුපැදියකින් පැමිණ, පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන ඇත. ඔහු පැමිණි යතුරුපැදියේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා අම්බලන්ගොඩ පාරේ පිහිටි ගරාජයකට ගොස් ඇති අතර යතුරු පැදියට අවශ්‍ය අමතර කොටස් මිලට ගැනීම සඳහා නගර මධ්‍යයේ පිහිටි මෝටර් රථ අමතර කොටස් වෙළෙඳ සැලකට ගොස් තිබිණි. ඉන්පසු වෙළෙඳ සැලකට හා බුදුමැදුර හන්දිය පිහිටි දුරකතන සේවා සපයන ආයතනයකට ගොස් තිබිණ.
 
ඒ අනුව රෝගියා ගොස් තිබූ ස්ථාන 5ක් වසාදමා එහි සේවකයන් නිවෙස් වල නිරෝධායනයට යොමුකර ඇති අතර ආරක්ෂක හා සෞඛ්‍යය අංශ මගින් රෝගියා සංචරණය කළ ස්ථාන වලට සම්බන්ධ වූ පුද්ගලයන් පිළිබඳව තොරතුරු නිරීක්ෂණය කරයි.
 
ඌරගස්මංහන්දිය නගරයේ ඉහත ස්ථානයන්ට 14 දිනෙන් පසු පැමිණි ජනතාව අවධානයෙන් සිට කොවිඞ් 19 රෝග ලක්ෂණ ඇත්නම් 119 අංකයට අමතා දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.



අදහස් (0)

කොරෝනා ඌරගස්මංහන්දියේ කොටසක් වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31657 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14105 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11104 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 185 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site