(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොරොනා ආසාදිතව මියගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද ( 1 ) සොයා ගත් බව කහතුඩුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ මත්තෙගොඩ නිවාස සංකීර්ණයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි. මෙම පුද්ගලයා ඉකුත් පෙබරවාරි මස 20 වනදා මාලදිවයිනේ සිට මෙරටට පැමිණ ඇති අතර අද (1) අලුයම මරණයට පත්වී තිබේ.
මේ පිළිබඳව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමත් සමග මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් එම ස්ථානයට පැමිණ කළ පරීක්ෂණයට අනුව මෙම මරණය කොරොනා වැලදී මිය යන්නට ඇති බව ට සැක කරන බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධනුක පද්මරාජ මතා මහතා පැවසීය.
ඒ අනුව එම ස්ථානයට හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණා ජයසූරිය මහත්මිය පැමිණ මෘත දේහය මුද්‍රා තැබීමට පියවර ගත්තේය. පසුව දේහයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කොට දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට යොමු කිරීමට පියවර ගත්තේය ගත්තේය.
එහිදී ලැබෙන වාර්තාවට අනුව මෘත දේහය පිළිබඳ ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.
මේ අතර වෛද්‍ය පර්යේෂණායතනයේ වාර්තාව ලැබෙන තෙක් නිවසේ රැඳී සිට ස්වයං නිරෝධායන යෙදෙන ලෙස නිවැසියන්ට උපදෙස් ලබා දෙන ලදී . එසේම නිවස හා අවට විෂබීජ හරණයට ලක් කිරීමට ද පියවර ගත්තේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොරෝනා ආසාදිතව මියගිය බවට සැකයක්
මුණසිංහ Thursday, 02 April 2020 01:06 AM
මෙච්චර කියත්දිත් හොරෙන් සැගවී සිටීමේ ප්‍රතිඵල තමා මේ. හැංගිලා තොරතුරු වසන් කරගෙන ඉන්න අයත් මෙය හොදින් අවධාරනය කර ගන්න. ගෞරවාන්විත මරණයක් වෙන එකක් නැහැ.