IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කුරුණෑගල රෝහලට නව වැඩබලන අධ්‍යක්ෂවරයෙක්

( පුෂ්පකුමාර ජයරත්න )
 
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා අද (5) වැඩ බාර ගත්තේය .
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියමයෙන් ඔහු තාවකාලිකව රාජකාරි ආවරණය කිරීම සඳහා එම තනතුරේ වැඩ බාරගෙන ඇත .
 
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටින වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදී තාවකාලික අනුයුක්තය පිළි නොගෙන එම තනතුරේ රැඳී සිටියදීම එම තනතුරේ රාජකාරි කටයුතු ආවරණය සඳහා තාවකාලිකව නව අධ්‍යක්ෂවරයෙකු මෙසේ පත් කිරීම විශේෂත්වයකි .
 
තාවකාලිකව නව අධ්‍යක්ෂවරයෙකු පත් කිරීමත් සමගම වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට විරෝධය පළ කරමින් රෝහලේ සුළු සේවක කාර්ය මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකු එක්ව රෝහලේ වහළ මතට නැඟ දින පහක සිටි පවත්වාගෙන ගිය විරෝධතාවයද අද දින අවසන් කළහ .
 
වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා අද දිනයේ රෝහලට වාර්තා කර නොතිබූ අතර නව අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරි බාරගත් වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ෆරීඩ් මහතා සඳහන් කළේ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට එරෙහිව එල්ලවී ඇති චෝදනා විමර්ශනය කරන තෙක් ඔහු තාවකාලිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අනුයුක්ත කර ඇති බවත් එතෙක් මාසයක පමණ කාලයකට එම තනතුර සඳහා තමන් පත්කර ඇති බවත්ය .



අදහස් (4)

කුරුණෑගල රෝහලට නව වැඩබලන අධ්‍යක්ෂවරයෙක්

සේන Friday, 05 June 2020 11:33 AM

අමුතු දෙයක් සිදුු වෙනවා වගේ. සාෆි හිටපු රෝහලට... බලමු බලමුු...

:       1       33

රවින් Friday, 05 June 2020 12:27 PM

හා හා... හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමෙටලු. ආණ්ඩුරකාරයා? පරණ චූදිත දොස්තර..? නව අධ්‍යක්ෂක? කොහොමද ගේම? ඇදපන්කෝ දාම්...

:       1       0

Raveendra Friday, 05 June 2020 01:27 PM

හිටපු වැඩ තහනමට ලක්වුණු වල් ඌරට ඥාති කම් තියේද දන්නේ නැහැ. කොහොම වුණත් සේරම යට යයිද? නැතහොත් සියලුම වැරදිවලින් නිදොස් කොට නිදහස් කරන ලදී යන්න අනාගතයේදී දකින්න ලැබෙයිද අපට... එහෙම නේද?

:       0       0

chandima Friday, 05 June 2020 01:38 PM

සෆිගේ අවතාරෙද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31698 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14163 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site