IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


කිම් ජොන්ග් උන් ජීවත්වන බව දකුණු කොරියානු ආරක්ෂක උපදේශක කියයි

උතුරු කොරියානු රජය හෝ උතුරු කොරියාවේ අසල්වැසියා වන දකුණු කොරියාව හෝ මේ කිසිදු පුවතක් තහවුරු කර නොමැත. උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ජීවතුන් අතර සිටින බව දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ගේ ඉහළ ආරක්ෂක උපදේශකවරයා දැනුම් දී ඇත.

උතුරු කොරියානු නායකයා, ‘හොඳින්, ඔහු ජීවතුන් අතර’’ දකුණු කොරියානු ජනාධිපතිගේ ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ උපදේශක මූන් චන්ග් ඉන් පැවැසීය.

‘‘අපේ ආණ්ඩුව ස්ථාවරයේ වෙනසක් නැහැ’’ යැයි ද සී.එන්.එන්. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම කීය.

උතුරු කොරියානු නායකයා අප්‍රේල් 13 වැනිදා සිට වොන්සන් හි රැඳි සිටින බව හෙතෙම කීය. වොන්සන් යනු උතුරු කොරියාවේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි නගරයකි. 2013 වසරෙන් පසුව මෙම නගරය නිවාඩු නිකේතන සහ විනෝදාස්වාදය පිරි නගරයක් බවට පත් කළ අතර උතුරු කොරියාවේ තරුණ නායකයා මේ නගරයට විශේෂ කැමැත්තක් දක්වන බව ද පැවසේ.

‘‘උතුරු කොරියාවෙන් සැක කටයුතු කිසිවක් නිරීක්ෂණය වී නැහැ’’ යැයි ද මූන් චන්ග් ඉන් කීය.

උතුරු කොරියානු නායකයා අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනි සිටියේ අප්‍රේල් 11 වැනිදාය. උතුරු කොරියාවේ නිර්මාතෘ මෙන්ම කිම් ජොන්ග් උන්ගේ සීයාගේ උපන්දිනය අප්‍රේල් 11 වැනිදාට යෙදී තිබිණි. එය උතුරු කොරියානේ දේශපාලන දින දර්ශනයේ වැදගත් දිනයක් වන අතර රටපුරා සැමරුම් පැවැත්වේ. උතුරු කොරියානු නායකයා එම උත්සවයට ද සහභාගී නොවීය. උතුරු කොරියානු නායකාය සති දෙකකට ආසන්න කාලයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීමත් සමඟ විවිධ කටපතා පැතිරෙන්නට විය.

‘‘අපිට තහවුරු කරන්න කිසි දෙයක් නැහැ. උතුරු කොරියාව තුළ මේ දක්වා කිසිදු විශේෂ දෙයක් සිදු වී නැහැ. එහෙම කිසිවක් නිරීක්ෂණය වී නැහැ’’ යැයි දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය සතියේදී සඳහන් කළේය.

උතුරු කොරියානු නායකයා මේ මස මුලදී හදවත් සැත්කමකට මුහුණ දුන් බවත් මේ වනවිට ඔහු සුවය ලබමින් සිටින බවත් ඩේලි එන්.කේ වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. උතුරු කොරියාවෙන් පැන ආ පිරිස් මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යයි.

හදවත් සැත්කමකට ලක්වීමෙන් පසු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මොළය අක්‍රිය වී මියගොස් ඇතිනම් උතුරු කොරියාවේ මීළඟ උරුමකරු වන්නේ කවුරුන්දැයි යන්න පිළිබඳ ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ගේ අවධානය යොමු වී ඇත.

හදවත් සැත්කමින් පසු 36 හැවිරිදි උතුරු කොරියානු නායකයාගේ මොළය අක්‍රිය වී ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කර තිබිණි.

උතුරු කොරියානු රජය හෝ උතුරු කොරියාවේ අසල්වැසියා වන දකුණු කොරියාව හෝ මේ කිසිදු පුවතක් තහවුරු කර නොමැත. 

(ඒ එෆ් පී/ රොයිටර්)


055



අදහස් (7)

කිම් ජොන්ග් උන් ජීවත්වන බව දකුණු කොරියානු ආරක්ෂක උපදේශක කියයි

vidya Tuesday, 28 April 2020 01:52 AM

ලෝකයේ විනාශයට බිහි උණු පිළිලයක්. අසරණ මිනිසුන් වහලුන් මෙන් හිරේ විලංගුවේ දමාගෙන මිනිසුන්ට සතුන්ට මෙන් සලකමින් නිරාහාරව තබා සැපසේ ජීවත් වන නරුමයෙක්. මේ ඔක්කොම විශ්වාස කරන්නේ කොමිනිස් වාදය තමයි. මේ ක්‍රමවේදය රුසියාවෙත් , චීනයේත් , කියුබාවෙත් හරි ගියේ නැත . ලංකාවටත් නොගැළපෙන වගයි කිව යුත්තේ.

:       176       409

RaveendraTuesday, 28 April 2020 06:14 AM

ඔබගේ ඒක පාක්ෂික අදහස් වලට අප නම් තරයේ විරුද්ධ වන්නෙමු. මක්නිසාදයත් යන" එනමං නැති කලුකුමරු " ප්‍රමුඛ රතුහැට්ටකරයන්ට, ඒ වගේම එම රතුහැට්ටකාරයන්ගේ පක්කලියන් වන මහා බුද්ධිමතුන් යයි කියන උදේට නැගිටිනකොටත් " දියව් දියව් අපිට ඔක්කොම දියව්" කියන අන්දරේලාට මොකද වෙන්නේ ?? ඔබ තනිකරම ආත්මාර්ථකාමීයෙක් බැවින් අප ඔබගේ මෙම අදහස් තරයේ හෙලාදකින අතර " දියව් දියව් හැම රෙද්දම අපට දියව් කියන වැදගත් අති උත්කර්ෂවත් හිගන සටන් පාඨයට " ජයවේවා !

:       19       259

SamansamanTuesday, 28 April 2020 08:26 AM

නොදන්න කොමියුනිස්ට් වාදයක් ගැන කතා නොකර හිටියොත් මෝඩකම ප‍්‍රදර්ශනය නොවෙ...

:       72       32

RaveendraTuesday, 28 April 2020 12:44 PM

ඔබගේ වැදගත් අදහස්වලට ගරුකරන අතර ඔබ දන්නා කොමියුනිස්ට් වාදය ගැන " උගත් බුද්ධිමත් ඔබ විසින්ම " මෝඩ මිනිසුන්ට පහදා දෙන්නේ හෝ කියාදෙන්නේ නම් අප ඔබට කෘතක්ඥ වන්නෙමු. ලංකාවේ සිටින මෝඩ මිනිසුන් දන්නා එකම එක දෙයක් ඇත එනම් පොලවේ හොදින් පය තබා සිටින මිනිසුන් ඔබ සදහන් කල එම " වාදය " පිළිගන්නවාද නැද්ද යන්නය. ඔබගේ ඥානයෙන්ම එය විමසා බැලිය යුතු නොවේද? එලෙසම "ඔබගේ අදහස්වලින් ගම්‍ය වන්නේ " ලංකාවේ 3% පමණක් බුද්ධිමතුන් " සිටින අතර අනිකුත් 97% මෝඩයන් බව නොවේද? කෙසේ වෙතත් අප නම් අවංකව කිසිදු පක්ෂයක ගොට්ටන් හෝ වන්දිබට්ටන් නොවන අතර ඔබවිසින් වන්දනාමාන කරන බුද්ධිමත් පක්ෂයට ලග එන බුරුවන් තෝරන තරගයේ ඉහලම ප්‍රතිශතයක් ( අඩු වශයෙන් 3% වඩා වැඩි ) ලබාගැනුමට හැකිවේවා යන්න පතන්නෙමු....

:       0       26

sanju Tuesday, 28 April 2020 05:48 AM

මම කැමතිම නායකයෙක්. මෙතුමා රටේ ජනතාවට දේශීය අගයක් එකතු කරනවා. පිටරටවල් වලින් එන අනවශ්‍ය භාණ්ඩ සහ සේවා නිසා සිදුවන විනාශය මෙහෙ නැත. ලෝකයාගේ තර්ජන නිසා යුද කටයුතු වලට වැඩි අවධානය දෙන්නේ. ඒක නිසා ගෝලීයකරණයේ ප්‍රශ්න නැහැ. මම හිතන්නේ මෙතුමා යම් කාලයක උතුරු කොරියාව ලෝකයට වැඩි අවධානයක් ලැබෙන රටක් බවට පත්කරයි. සිය රට දේ සිරිසැප දේ.

:       98       20

de silva Thursday, 30 April 2020 06:57 AM

මෙවැනි නරුම පාලකයන් එළවා දමන්නට උතුරු කොරියා ජනතාවට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා !

:       0       2

Sanjeewa Thursday, 30 April 2020 10:19 PM

අද කාලයේ ඇමරිකාව කුඩා රටවල් උදෙසා පහත් වැඩ කිරීමට විරුද්ධව ඇති ලොකුම බාධාවක් වන්නේ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් බැවින් එතුමා ජීවත් වීම ලෝකයටම ඕන දෙයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 485 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 320 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site