IMG-LOGO

කොටස් වෙළෙදපොල සැළකියයුතු වර්ධනයක්

‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් වසා දමා තිබී සඳුඳා (11) විවෘත කළ කොළඹ කොටස් වෙළෙඳපොළ අද (13) සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේය.

කොළඹ කොටස් වෙළඳපොළේ දෛනික කටයුතු මැයි (11) වැනිදා සිට පැය 2කට සීමා කර ඇත. ඒ අනුව දෛනික ගනුදෙනු සිදුවන්නේ උදෑසන 11 සිට පස්වරු 1 දක්වා පමණි.

සියලු කොටස් මිල දර්ශකය අද (13) දිනය අවසානයේදී ඒකක 119.30කින් එනම් සියයට 2.81කින් ඉහළ ගියේය. 

‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා’ මිල දර්ශකය ඒකක 43.70කින් ඉහළ ගියේය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 2.59ක වැඩි වීමකි. ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා’ මිල දර්ශකය ඊයේ දිනය අවසානයේදී ඒකක 1,729.15ක් ලෙස දැක්විණි.

මාස එකහාමාරකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ මැයි 11 වැනිදා විවෘත කළ අතර එදින සහ පෙරේදා එනම් මැයි (12) වැනිදා ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා’ මිල දර්ශකය කඩා වැටිණි. ඒ හේතුවෙන් දෛනික ගනුදෙනු අත්හිටුවීමට ද සිදුවිය.
 
 ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා කාලයේදී සියලු කොටස් මිල දර්ශකය සියයට 28.75කින් ද එස් ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 දර්ශකය සියයට 41.12කින් ද පහත වැටී ඇත.
 
 සඳුඳා (11) විවෘත කිරීමට පෙර කොළඹ කොටස් වෙළෙඳපොළේ අවසන් වරට දෛනික ගනුදෙනු සිදුවූයේ මාර්තු 20 වැනිදා ය. ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රටපුරා ඇඳිරි නීතිය පැනවීමත් සමඟ අප්‍රේල් මස 1 වැනිදා සිට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දමා තිබිණි.
 
 මේ අතර ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් පසුගිය කාලයේදී ලොවපුරා කොටස් වෙළෙඳපොළ කඩා වැටිණි.

- 055

 



අදහස් (1)

කොටස් වෙළෙදපොල සැළකියයුතු වර්ධනයක්

මුණසිංහ Thursday, 14 May 2020 01:46 AM

ධනාත්මක නිවුස් කොටස් වෙළඳපොල සම්බන්ධයෙන් අසන්නට ලැබේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 240 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site