(ටී.කේ.ජී.කපිල )
කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකු අද (27) අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඔවුන් කටාර් රාජ්‍යයේ , දෝහා සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන විශේෂ ගුවන් යානයෙන් අද අලුයම 5.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 10 ක සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 258 ක අසුන් ගෙන සිටි අතර , ඔවුන් අතර කුඩා ළමුන් සිව් දෙනෙකු ද වූහ .
මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව , ඔවුන් රැගෙන ආ බඩුබාහිරාදිය ද සමග විශබීජ හරණය කිරීමට ලක් කෙරුණි .
ඉන් පසුව ඔවුන් තුළ කොරෝනා රෝග ලක්ෂණ පවතී ද යන්න විමසා බැලීමක් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කළහ .
ඉන් අනතුරුව මෙම ගුවන් මගීන් සියලු දෙනා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් විශේෂ බස් රථ මගින් නීරෝධායන කටයුතු සදහා රැගෙන යෑම සිදු කෙරුණි .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කටාර්හි සිටි ලාංකිකයෝ 268 ක් කටුනායකට පැමිණෙති