(ටී.කේ.ජී.කපිල)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ නියෝජ්‍ය කළමනාකරුට ද කොරෝනා වෛරසය ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර ඇතැයි ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම මෙම නියෝජ්‍ය කළමනාකරු සමග සමීපව ඇසුරු කළ තවත් ගුවන් තොටුපළ සේවකයින් 15 දෙනෙකුට අධික පිරිසක් ද මේ වනවිට තම නිවෙස් වල නීරෝධායනය සදහා යොමු කර ඇති බව ද වාර්තා වේ.
මෙම කටුනායක ගුවන් තොටුපළ නිලධාරීන් පිරිස පසුගියදා මත්තල ගුවන් තොටුපළේ පැවති යූක්‍රේන ජාතික සංචාරකයන් පිළිගැනීමේ උත්සවය සදහා සහභාගී වී සිටි බැව් ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.
මෙසේ නිවෙස් තුළ නීරෝධායනය වෙමින් සිටින ගුවන් තොටුපළ සේවකයින් පිරිස තව දින 07 කින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් වීමට නියමිත බව ද ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කටුනායක ගුවන් තොටුපළ නියෝජ්‍ය කළමනාකරුට කොරෝනා
Amara Wednesday, 06 January 2021 01:22 PM
සංචාරක ව්‍යාපාරය ඉහළ මට්ටමකට ඇවිත් වගේ...
dewa Wednesday, 06 January 2021 01:39 PM
මෙහෙ තියාගෙනද ගුවන් තොටුපළ අරින්න හදන්නේ?
Anton Austria Wednesday, 06 January 2021 02:07 PM
හරක් සිටින රට ලංකාව... ලෝකෙටම එකයි. රට සුන්දර වුණාට පාලකයෝ ඔක්කෝම එකයි...
Jagath Thursday, 07 January 2021 12:24 AM
ඔබගේ අදහස සමග 100%ක් එකඟයි. එම හරක් සිටින රටට හරියන්න... කපටි හොර පාලකයෝ ටිකක් ලැබී ඇති නිසා තව ටික කලකින් ඔය ලස්සන රට වැනසී යන එක නම් නියතයි. එවිට 0 සිට පටන් ගන්න පුළුවන්...
duminda Wednesday, 06 January 2021 02:29 PM
මොන රටේද සංචාරකයින් පිළිගන්න ගුවන් තොටුපල නිලධාරින් යන්නේ...? මේ අයට පිස්සු...
විපරමා Wednesday, 06 January 2021 04:44 PM
සංචාරක ඇමතියා දැන් හත්පොලේ ගාගෙන වගේ...