IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඕස්ට්‍රේලියාවෙන් දිනක් ඇතුළත වැඩිම කොරෝනා මරණ අද

ඕස්ට්‍රේලියාවේ දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද (26) දිනයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 459 දෙනකු හඳුනාගෙන ඇත.

එය දිනක් ඇතුළත ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ දෙවැනි වැඩිම ආසාදිතයන්ගේ ගණන ද වේ. වික්ටෝරියා ප්‍රාන්තයෙන් සෙනසුරාදා, එනම් ඊයේ දිනයේදී ආසාදිතයන් 357 දෙනකු වාර්තා වී තිබිණි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් අවසන් පැය 24 ක කාලයේදී මරණ 10ක් වාර්තා වූ බව ප්‍රාන්ත ආණ්ඩුවේ ප්‍රධානී ඩැනියෙල් ඇන්ඩෲස් පැවැසීය. එම මරණ ගණන ඕස්ට්‍රේලියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම මරණ ගණන වේ.

පිරිමි පුද්ගලයන් හත්දෙනකු සහ කාන්තාවන් තිදෙනකු එලෙස වයිරසය ආසාදනය වී මියගොස් ඇත. පිරිමි පුද්ගලයන් හත්දෙනා අතර 40 හැවිරිදි අයකු ද වේ. නව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේදී 40 හැවිරිදි පුද්ගලයකු මරණයට පත්වූ පළමු අවස්ථාව මෙය යැයි ද වාර්තා විය.

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ මේ වනවිට නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ඇති වී තිබේ. රාජකාරී ස්ථාන, සුව සේවා පහසුකම් සපයන ස්ථාන, විශාල බඩු බෙදාහැරීමේ ස්ථාන, ගබඩා ස්ථාන, මස් සැකසුම් ස්ථාන සහ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානවලින් වයිරස ආසාදිතයන් හමුවෙමින් තිබෙන බව ද ඩැනියෙල් ඇන්ඩෲස් කීය.

‘‘ඒකෙන් එක දෙයක් කියැවෙනවා. සමහර පුද්ගලයන් අසනීප තත්ත්වයෙන් පසුවෙනවා. රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒ අතරම ඔවුන් රාජකාරිවලටත් යනවා. මේ තත්ත්වය දිගින් දිගටම පැවැතිය හොත් දිනෙන් දින වාර්තා වන ආසාදිතයන්ගේ ගණන තවදුරටත් වැඩිවෙනවා’’ යැයි හෙතෙම කීවේය.

ඕස්ට්‍රේලියාව දිනක් ඇතුළත කරන ලද වැඩිම ‘කොවිඩ්-19’ පරීක්ෂණ ප්‍රමාණය කර ඇත්තේ ද ඉරිදා දිනයේදී වීම විශේෂත්වයකි.

අනෙක් රටවල් හා සැසඳීමේදී ඕස්ට්‍රේලියාව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරගැනීමට සමත් විණි. එහෙත් වික්ටෝරියා ප්‍රාන්තය තුළ වයිරසය පැතිර යෑම පාලනය කරගැනීම සඳහා බලධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා ඇත.

වික්ටෝරියා ප්‍රාන්තයට මේ වනවිට සති හයකට අගුළු දමා ඇති අතර අනෙක් ප්‍රාන්ත සමඟ තිබෙන සීමා ද වසා දැම ඇත. මුඛ ආවරණ පැළැඳීම ද අනිවාර්ය කර ඇත. ඕස්ට්‍රේලියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අද දිනයේදී වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 14කි. ඉන් අඩක්ම වාර්තා වී ඇත්තේ සිඩ්නි නුවර පිහිටි ආපනශාලාවකිනි.

‘‘පවුල් දහයක් මේ වනවිට අවමංගල්‍ය උත්සවය සැලසුම් කරමින් සිටිනවා. මියගිය අයගෙන් වයසින් අඩුම කෙනා හතළිස් හැවිරිදි වියේ පසුවන්නෙක්. කරුණාකර සියලු දෙනාම මුඛ ආවරණය පළඳින්න. එසේ නැතිනම් ඔබට දඩයක් ගෙවන්න වෙනවා’’ යැයි ඇන්ඩෲස් කීය.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් පමණක් මේ වනවිට වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 8,181කි. වික්ටෝරියා ප්‍රාන්තයෙන් මේ වනවිට වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 71කි. ඔස්ට්‍රේලියාවෙන් මේ වනවිට වාර්තා වන සමස්ත වයිරස ආසාදිතයන්ගේ ගණන 14,400 ඉක්මවන අතර මරණ ගණන 228ක් ලෙස දැක්වේ.

 

රොයිටර්

 

055



අදහස් (0)

ඕස්ට්‍රේලියාවෙන් දිනක් ඇතුළත වැඩිම කොරෝනා මරණ අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 727 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2390 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site