IMG-LOGO

එමිරේට්ස් ශ්‍රී ලංකාවෙන් පිටත ගුවන් ගමන් අරඹයි

(ඩයනා උදයංගනී)
 
එමිරේට්ස් ගුවන් සේවය මෙම මස 20 වැනිදා සිට නැවතත් ශ්‍රී ලංකාවෙන් පිටතට මගී ගුවන් ගමන් ආරම්භ කරන බව එම සමාගම පවසයි.
      
එමිරේට්ස් ගුවන් සේවය මේ වන විට ඩුබායි කේන්ද්‍ර කර ගනිමින් ආසියාව, යුරෝපය සහ උතුරු ඇමරිකාව යන කලාප සම්බන්ධ ගමනාන්ත 30ක් වෙත මගී ගුවන් ගමන් පවත්වාගෙන යනු ලබයි.
     
 සෙසු රටවල් ගුවන්තොටුපල විවර කළ සැනින් ගමනාන්ත ජාලය තවත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව ද එම සමාගම සඳහන් කරයි.
     
 ඒ අනුව එමිරේට්ස් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපල දක්වා මගී සහ භාණ්ඩ ප්‍රවාහන සේවාවන් 2ක් දක්වා ලබන 20 වැනිදා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම බෝයිං 777-300 ගුවන් යානයක් යොදා ගනිමින් ආරම්භ කරන බව එම සමාගම නිවේදනය කරයි.
      
එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සංචාරය කරන මගීන් එරට නේවාසික අවශ්‍යතා සපුරාලිය යුතු අතර එම රාජ්‍යය හරහා සංක්‍රමණය වන මගීන් ගමනාන්තයට ඇතුළු වීමේ අවශ්‍යතා සැපිරිය යුතු බව ද එහි දැක්වේ.
     
 ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කරන අංක EK 2528 දරණ යානය සෑම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම ඩුබායි සිට කොළඹ බලා පැමිණෙන අතර එය ගුවන් ගමන් අංක EK 2529 ලෙස සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම ඩුබායි වෙත ලඟාවන බවත් එමිටේස් සමාගම පවසයි.
      
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එමිරේට්ස් කලාපීය කළමණාකාර චන්දන ද සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකාව සාමාන්‍ය මගී ගුවන් යානා පැමිණීම අත්හිටුවා ඇති පසුබිමක මෙම ගුවන් ගමන් ආරම්භය ඉතා වැදගත් පියවරක් බවයි.
     
ගුවනේදී මෙන්ම ගුවන් තොටුපලේදීද වැඩිදියුණු කළ සනීපාරක්ෂක සහ ආරක්ෂක ක්‍රම යොදා ගැනීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.
     
එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත නැවත පැමිණෙන නේවාසිකයන් සපුරාලිය යුතු කරුණු https://www.emirates.com/ae/english/help/flying-you-home/වෙබ් අඩවියෙන් හා එමිරේට්ස් ගුවන් ගමන් සහ වත්මන් සේවාවන් පිළිබඳව www.emirates.com/wherewefly වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව ද එම සමාගම පවසයි.
      
කොවිඞ්-19 වසංගතය සමඟ වාණිජ ගුවන් ගමන් ඇනහිටීමෙන් පසු මෙරට සැපයුම් දාමය විවෘතව තබාගෙන අපනයනයන්ට උරදීම සඳහා ශ්‍රී ලංකාව වෙත ගුවන් භාණ්ඩ ප්‍රවාහනයට එමිරේට්ස් ගුවන් ගමන් 2020 මැයි 11වන දින ආරම්භ වූ බව ද චන්දන මහතා පැවසීය.



අදහස් (0)

එමිරේට්ස් ශ්‍රී ලංකාවෙන් පිටත ගුවන් ගමන් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 219 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site