IMG-LOGO

ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 65 ලක්ෂය පනී

අසල්වැසි ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (4) ලක්ෂ 65 ඉක්මවා ගියේය.
 
අවසන් පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 75,829දෙනකු හඳුනාගැනුණු අතර ඒ අනුව එරට නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 65,49,373ක් දක්වා ඉහළ ගියේය.
 
මේ වනවිට ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 9,37,625ක් වන අතර සුවය ලැබූ පිරිසගේ ගණන 55,09,966කි.
 
ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 1,01,782කි.
 
ලොව තෙවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර දෙවැනි තැන පසුවන්නේ බ්‍රසීලයයි.
 
ඉන්දියාව තුළ නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් පසු වැඩිම බලපෑමක් එල්ල වූ මාසය බවට පත්වූයේ සැප්තැම්බර් මාසයයි. සැප්තැම්බර් මාසයේ දී දිනපතා වාර්තා වූ නව කොරෝනා වයිරස මරණ ගණනේ සාමාන්‍ය 1,100ක් විය.
 
ඒ.එෆ්.පී./රොයිටර්
055



අදහස් (0)

ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 65 ලක්ෂය පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1018 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site