IMG-LOGO

ඉන්දියාවේ ආසාදිතයන් ගණන මිලියන 8 ඉක්මවයි

 

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (29) මිලියන අට ඉක්මවා ගියේය.

ඇමෙරිකා එක්සත් ජනපදයට පසු ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

බිලියන 1.3 ජනගහනයක් ජීවත්වන ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 120,000 ඉක්මවයි.

ඇමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 9.1 ඉක්මවා ගොස් තිබෙන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 230,000කට ආසන්න වී තිබේ.

ඉන්දියාව ලෝකයේ අන් රටවල් හා සැසඳීමේදී අඩුම වයිරස ආසාදිත මරණ අනුපාතයක් ඇති රටක් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන ද පසුගිය කාලයේ අඩු වූ බව ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.

කෙසේ නමුත් ඉදිරියේදී පැමිණෙන උත්සව සමයත් සමඟ දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඉන්දියාවේ ප්‍රධානම ආගමික උත්සවයක් වන දීවාලි උත්සවය නොවැම්බර් 14 වැනිදා ට යෙදී තිබේ.

ඉන්දියාවේ ඇඟලුම් අමාත්‍යවරිය වන ස්මිත්‍රි ඉරානිට ද නව කොරෝනා වයිරස ආසාදනය වී ඇතැයි වාර්තා වන අතර ඉන්දියාවේ මහ බැංකු අධිපතිවරයාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මේ සතිය මුලදී වාර්තා විය. ඉන්දියාවේ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වූ බව මීට පෙර වාර්තා විය.

‘‘උත්සව පැමිණෙනවා. සෑම ප්‍රාන්තයක්ම පරෙස්සම් විය යුතු. අපි තවත් මාස තුනක් වත් පරෙස්සම් වෙන්න ඕනෑ. අවධානයෙන් ඉන්න අවශ්‍ය’’ යැයි ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඒ.එෆ්.පී.

055



අදහස් (0)

ඉන්දියාවේ ආසාදිතයන් ගණන මිලියන 8 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site