අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 78,761 දෙනෙකු හඳුනාගෙන ඇත.
එම ගණන නව කොරෝනා වයිරසය පැතිර යෑමට පසු ඕනෑම රටකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේ.
අවසන් පැය 24 දී ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 78,761 දෙනකු හඳුනාගත් බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය අද (30) නිවේදනය කළේය. එය දෛනික ආසාදිතයන් වාර්තා වීමේ ලෝක වාර්තාවකි.
මේ වනවිට ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර තෙවැනි තැන පසුවන්නේ බිලියන 1.3කට ආසන්න ජනතාවක් ජීවත් වන අසල්වැසි ඉන්දියාවයි.
එහි මුල්තැන ඇමෙරිකාව ද දෙවැනි තැන බ්‍රසීලය ද පසුවෙයි.
මීට පෙර දිනක් තුළ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එරටින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන 77,638ක් ලෙස දැක්විණි.
ඒ.එෆ්.පී.
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉන්දියාවෙන් ආසාදිතයන් වාර්තා වීමේ ලෝක වාර්තාවක්