IMG-LOGO

ඉන්දුනීසියාව චීනය පසු කරයි

ඉන්දුනීසියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන, චීනයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන අද (19) ඉක්මවා ගියේය.

අග්නිදිග ආසියානු රටක් වන ඉන්දුනීසියාවෙන් අද දිනයේදී වයිරස ආසාදිතයන් 1,752 දෙනකු හඳුනාගෙන තිබිණි.

ඒ අනුව එරටින් වාර්තා වන ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 83,644ක් දක්වා ඉහළ ගියේය. චීනයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 83,644කි.

ඉන්දුනීසියාවෙන් අවසන් පැය 24 දී වයිරස ආසාදිත මරණ 59ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 4,016ක් දක්වා ඉහළ නැංගේය.

මේ මස ආරම්භයේ සිට ඉන්දුනීසියාවෙන් දිනපතා වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 1,200 වැඩි විය. ලොව සිවුවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන්නේ ද ඉන්දුනීසියාවේ ය.

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු ආර්ථිකය පසුගිය ජූනි මාසයේ සිට ක්‍රමයෙන් විවෘත කිරීමට ඉන්දුනීසියාව ජූනි මාසයේ සිට පියවර ගත්තේය.

කෙසේ නමුත් ආසාදිතයන් වාර්තා වීම වැඩිවීමත් සමඟ ඇතැම් සැලැසුම් හකුළාගැනීමට එරට බලධාරීන්ට සිදුවිය.

මේ වනවිට ඉන්දුනීසියාවේ ඇතැම් නගර හා ප්‍රදේශවලට නැවත වරක් සමාජ සහ සංචාරක සීමා පනවා ඇති අතර මේ හේතුවෙන් ජකර්තා නුවර පමණක් මිලියන 10කට ආසන්න පිරිසක් ඉදිරි සති දෙක සඳහා සිය නිවෙස්වලට සීමා වී ඇත.

රොයිටර්/අල්ජසීරා

055



අදහස් (0)

ඉන්දුනීසියාව චීනය පසු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 181 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 505 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site