IMG-LOGO

ඉතාලියේ මේ වන විට කොරෝනා මරණ 30201 ක්

ඉතාලියේ මේ වනවිට කොරෝනා වයිරස ආශ්‍රිත මරණ 30 201ක් සිදුවී ඇතැයි වාර්තා වේ. ඒ අනුව මරණ 30 000කට අධික සංඛ්‍යාවක් සිදුවූ යුරෝපා සංගමයට අයත් පළමු රට බවට ඉතාලිය පත්ව තිබේ.

සිකුරාදා(08) දිනයේ පමණක් ඉතාලියේ මරණ 243ක් සිදුවී ඇත.

කෙසේ වුවද එය බ්‍රහස්පතින්දා දිනයේ සිදුවූ මරණ 274ට වඩා 31කින් පහත වැටීමක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඇමරිකාවට හා බ්‍රිතාන්‍යයට පසුව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙනි.

බ්‍රිතාන්‍යය බදාදා(06) මරණ 30 000 සීමාව පසුකළේය.

මරණ 26 000කට වඩා වාර්තා කරමින් යුරෝපයේ තෙවැනි තැනට පත්ව ඇත්තේ ස්පාඤ්ඤයයි.

ඉතාලියේ පසුගිය පැය 24 තුළ වාර්තා වූ නව රෝගීන් සංඛ්‍යාව 1 327කි.
ඒ අනුව ඉතාලියේ වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 217 185ක් දක්වා ඉහල ගොස් තිබේ.

රට පුරා සීමාවන් ලිහිල් කිරීමට පටන්ගෙන ඇති නමුත් සමහර වෛද්‍යවරුන් සැක පලකර ඇත්තේ එමගින් තවදුරටත් රෝගය ව්‍යාප්ත විය හැකි බවයි.

ව්‍යායාම කිරීම සඳහා පිටතට යෑමට ඉතාලි වැසියන්ට අවසර දී ඇති අතර ඥාතීන් බැලීමට යාමට ද අවසර දී තිබේ. මිතුරන් හමුවීමට යෑම තවමත් තහනම්ය.
කතෝලික පල්ලි ද මැයි 18 වනදා ආරම්භ කිරීමට නියමිත නමුත් දැඩි සමාජ දුරස්ථ රීතීන් අනුගමනය කිරීමට උපදෙස් දී ඇත.

පාසැල් සිනමා ශාලා සහ බොහෝ ළෙඳසැල් වසා තැබෙනු ඇති අතර සියලුම මහජන රැස්වීම් තවදුරටත් තහනම් කර තිබේ.
කෙසේවුවද බලධාරීන් පවසා ඇත්තේ වයිරසය ව්‍යාප්ත වීමේ ලකුණු පහල වුවහොත් නැවත සීමා පැනවීමට සිදුවනු ඇති බවයි.

(බීබීසී පුවත් ඇසුරිණි - 085)


  
 



අදහස් (0)

ඉතාලියේ මේ වන විට කොරෝනා මරණ 30201 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 85 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site