මුඛ ආවරණ පැළැදීම අනිවාර්ය කිරීම සහ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දැඩි බෙදීමක් ඇති වී තිබේ.
ඇමෙරිකාවෙන් දිනපතා වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවෙමින් තිබෙන මොහොතක මෙම අර්බුදය නිර්මාණය වී ඇත.
ජනපද බලධාරීන් සහ ඊට පහළින් සිටින බලධාරීන් එකිනෙකට පරස්පර නියෝග ලබාදෙන අයුරු ද දක්නට ලැබිණි.
ඇතැම් නිලධාරීන් මුඛ ආවරණ පැළැදීම අනිවාර්ය කරද්දී තවත් නිලධාරීහු පිරිසක් එසේ අනිවාර්ය නැතැයි කියති. පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ද ඇත්තේ මෙවැනි තත්ත්වයකි.
මේ අතරවාරයේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අඛණ්ඩව දෙවැනි දිනටත්, දිනක් ඇතුළත වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයින්ගේ ගණන සිකුරදා (17) වන විට 70,000 ඉක්මවා ගියේය.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සිකුරාදා වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයින්ගේ ගණන 70,674ක් ලෙස දැක්විණි.
ඇමෙරිකාවෙන් එදින වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 912 ක් ලෙස සටහන්ව තිබිණි.
රොයිටර්
055
2025 නොවැම්බර් මස 04
727
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2390
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවේ මුඛ ආවරණ පැළදීම-පාසල් විවෘත කිරිම ගැන දැඩි බෙදීමක්