ඇමරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස් මහතාගේ ඉහළ පෙළේ සහායකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
මෙලෙස කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්තේ පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන කැටී මිලර්ට ය.
ධවල මන්දිර කාර්යමණ්ඩලයේ තවත් සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු සිදුකරන ලද පරීක්ෂණ හේතුවෙන් මේ බව අනාවරණය කරගෙන තිබේ.
ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා ඇතුළු ධවල මන්දිර කාර්යමණ්ඩලය දිනපතා පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බවත් ට්‍රම්ප් සහ පෙන්ස් දෙදෙනා ආරක්ෂා කිරීම සඳහා සෑම පූර්වෝපායක්ම ගන්නා බවත් ධවල මන්දිරය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ මේ වනවිට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 76 000 ඉක්මවා ඇති අතර තහවුරු කරගත් රෝගීන් සංඛ්‍යාව 1 322 163ක් පමණ වේ.
නමුත් ඇමරිකාවේ ප්‍රාන්ත නැවත විවෘත කිරීමට පටන් ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.
ධවල මන්දිරය තුළ වයිරසය ව්‍යාප්ත වීමේ හැකියාව සම්බන්දව විමසූ විට ට්‍රම්ප් මහතා පවසා ඇත්තේ කළ හැකි එකම දෙය වන්නේ උපරිමයෙන් පූර්ව ආරක්ෂාව සලසා ගැනීම පමණක් බවයි.
මීට පෙර ට්‍රම්ප් මහතාගේ ආහාර අංශයේ කටයුතු කරන නාවුක හමුදා සාමාජිකයෙකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු විය.
ඇමරිකාවේ දිනකට කොරෝනා වයිරස පරීක්ෂණ 248 000ක් පමණ සිදුකරන අතර මේ වනවිට පුද්ගලයින් මිලියන 8.1ක් පමණ පරීක්ෂා කර ඇතැයි සඳහන් වේ.
කෙසේ වුවද ට්‍රම්ප් මහතා පවසන්නේ පරීක්ෂණ කිරීම එකම විසඳුම නොවන බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ඇමරිකාවේ උප ජනාධිපතිගේ මාධ්‍ය ලේකම්ට කොරෝනා
රවින් Saturday, 09 May 2020 09:42 AM
ආ !! කියන්න අමතක වුනානේ. දැනට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් හොයාගෙන තියනවා කියලා ආරංචියි කොරෝනා ප්‍රභේද 200 ක් . කොහොම උනත් ඔය ලොක්කන්ට තියන කොරෝනා සුව වෙනකන් ලෝකෙන් කොරෝනා තුරන් කරන්න අමාරුවෙයි.
Prabha Saturday, 09 May 2020 10:49 PM
ඕකට තමා කියන්නේ පැණි වරකා ගහටත් හෙණ ගහනවා කියලා.