IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ඇඟළුම් කම්හල්වලට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

(විනීතා එම් ගමගේ)

පවතින කොවිඩ්-19 රෝග තත්ත්වය සීග්‍රයෙන් පැතිර යාම හමුවේ ඇඟළුම් කර්මාන්තය පවත්වාගෙන යාමට අදාලව විශේෂිත වූ මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සැකසීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. 

ඇඟළුම් කම්හල් පවත්වාගෙන යාමේදී කොවිඩ් වසංගතය පැතිර යාම හේතුවෙන් උද්ගත වන ගැටළුවලට විසඳුම් ලබා දීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව රාජගිරිය කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානයේ පැවැති කම්හල් හිමියන් දැනුවත් කිරීමට හා ගැටළු සාකච්ඡා කිරීමේ සාකච්ඡාවේ දී මෙම තීරණයට එළැඹි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. 

එමෙන්ම මේ වනවිටත් ක්‍රියාත්මක කම්හල්වල මුව ආවරණ පැළැඳීම, එකිනෙකා අතර දුරස්ථභාවය තබා ගැනීම කෙරෙහි කාර්ය මණ්ඩලවල දැඩි අවධානය යොමු කරවන ලෙසත් දිනකට තෙවරක් උෂ්ණත්වය මැන බැලීම සිදුකරන ලෙසත් කම්හල් පරිපාලනයන්ට එහිදී උපදෙස් දුන් බව ද ඔහු කීය. 

නිමි ඇඳුම් කම්හල්වල සේවයේ නියුතු සේවක සේවිකාවන් නවාතැන්ගෙන සිටින ස්ථාන පිළිබඳව විශේෂ සැළකිල්ලක් දක්වන්නැයි ඇඟළුම් කම්හල් හිමියන්ට හා පරිපාලකයන්ට දැනුම් දුන් බව ද හෙතෙම සඳහන් කළේය.  

යම් සේවකයෙක් උණ හෝ ආසාත්මික තත්ත්වයකින් පසුවුවහොත් ආසන්නතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් ඔවුන් දෙසතියකට වරක් පී.සී.ආර්. පරික්ෂණයකට ලක්කරන ලෙසත් සෑම සේවකයකුගේම ස්ථිර ලිපින ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් කම්හල් හිමියන්ට හා පරිපාලනයට දැනුම් දුන් බව ද හෙතෙම කියා සිටියේය.



අදහස් (2)

ඇඟළුම් කම්හල්වලට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

සමීර Tuesday, 13 October 2020 01:42 PM

කොරෝනා මර්ධනයට ඖෂධයක් රජය සොයා ගනී. එය ටින් මාළු, සීනි, බී ළූණු වලින් සාදා ඇත. අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා ඇති වෙළඳසල් වලින් මහජනතාවට ලබා ගැනීමට හැකි බවත් දන්වා සිටී.

:       2       11

එරා Wednesday, 14 October 2020 02:38 AM

අස්සයා පැන ගිය පසු, ඉස්තාලය වැසීම... ඕක කරන්න තිබුණෙ මාර්තුවලනෙ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31664 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14119 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11105 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site