(වසන්ත චන්ද්‍රපාල සහ කුමාර සී. ලියනආරච්චි )
හිටපු වනජීවි රාජ්‍ය සම්පත් අමාත්‍ය විමලවිර දිසානයාක මහතා විසින් අම්පාර මහා රෝහලට කෝටි දෙකක් පමණ වටිනා වෙද්‍ය උපකරණ තොගයක් අද (4) වෙනි දින භාරදෙනු ලැබිය.
හිටපු වනජීවි අමාත්‍ය විමලවිර දිසානයක මහතා ගේ ඉල්ලිමක් අනුව ඔස්ට්‍රේලියාවේ පදිංචි විමලවිර දිසානායක මහතාගේ බිරිදගේ ඥාති පුත්‍රයෙක් වන ප්‍රියන්ත මෙන්ඩිස් පදිංචි විසින් මෙම උපකරණ තොගය විමලවිර දිසානායක පදනමට පරිත්‍යාග කර තිබේ.
පසුව මෙම උපකරණ අම්පාර රෝහලට භාරදිමට හිටපු වනජීවි අමාත්‍ය විමලවිර දිසානායක මහතා කටයුතු කර තිබේ.
අම්පාර මහා රෝහලේ වෛද්‍ය නිළධාරි සැලසුම් තයාල් නතාෂ මහතා සහ අම්පාර මහා රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරිනි එච්.ඩී.මල්කාන්ති මහත්මිය සහ ප්‍රධාන පරිපාලන නිළධාරි පී.කේ.සමරසිංහ මහතා විසින් මෙම වෛද්‍ය උපකරණ තොගය හිටපු වනජීවි අමාත්‍ය විමලවිර දිසානයක මහතා ගෙන් භාර ගනු ලැබිය
දැඩි සත්කාර ඇදන් 11 ක් ඇතුලුව විශාල උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලද භාණ්ඩ අතරවිය.
අම්පාර මහා රෝහලට අද දින ලබාදුන් මෙම වෛද්‍ය උපකරණ අත්‍ය අවශ්‍ය උපකරණ බව මෙහිදි වෛද්‍ය සැපයුම් තයාල් නතාෂ මහතා පැවසිය.
දැනට අම්පාර මහා රෝහලේ සේලයින් දිමට භාවිත කරන උපකරණ වල හිගයක් පවතින අතර මෙම භාණ්ඩ තොගය ලැබීම තුලින් එම අඩුව මකා ගැනිමට හැකි බවද සදහන් කලේය.
දැනට අම්පාර මහා රෝහලේ ඉදිවෙමින් පවතින දැඩි සත්කාර ඒකකය සදහා මෙම ඇදන් භාවිත කිරිමට හැකි බවද මෙම භාණ්ඩ ලබාදුන් හිටපු වනජීවි අමාත්‍ය විමලවිර දිසානායක මහතා ඇතුලු විමලවිර දිසානයක පදනමට ස්තුතිවන්ත වෙන බවද සදහන් කලේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අම්පාර මහ රෝහලට කෝටි දෙකක් වටිනා භාණ්ඩ පරිත්‍යාගයක්
Siva Thursday, 04 June 2020 02:28 PM
හොඳයි.
lalithm Thursday, 04 June 2020 08:19 PM
සහතිකෙන්ම විශිෂ්ටයි. ඒවා ලබාදීමට ඉදිරිපත්වුණු ප්‍රියන්ත මෙන්ඩිස් මහතාට සහ පව්ලේ අයට යහපතක්ම වේවා. දේශපාලකයකු වුනත් බලයක් නැති කලක මෙවැනි ප්‍රධානයක් ලබාදීමට කටයුතු කල දිසානායක මහතාගේ ක්‍රියාව විශිෂ්ටයි. හොඳ ආදර්ශයක්.