(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය අධිකරණය මගින් පාලනය වන රැඳවුම් ළමා නිවාසයේ දැරියන් 36 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.
කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිළධාරීන් එම පරිශ්‍රයට ගොස් රෝග ලක්‍ෂණ සහිත දැරියන් 46 දෙනකු වෙනුවෙන් සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂාව අනුව එසේ 36 දෙනකු ආසාධිතයන් ලෙස හඳුනාගෙන තිබිණ.
උණ රෝගය වැළඳී තිබූ දැරියන් 7 දෙනකු කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල පරිශ්‍රයේ පැවති පරීක්‍ෂාවකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සියලුම දැරියන් ආසාධිතයන් ලෙස හඳුනාගැනීමෙන් පසු ඇන්ටිජන් පරීක්‍ෂාවකට ලක්කර ඇත.
කෙසේ වෙතත් කොරෝනා වයිරසය ළමානිවාසය තුළට කෙසේ පැමිණ ඇත්දැයි සොයා මේ වනවිටත් පරීක්‍ෂණ පවත්වයි.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කුලියාපිටිය රැඳවුම් නිවසේ දැරියන් 36කට කොරෝනා
Chaminda Wednesday, 24 November 2021 06:00 AM
ඔය ළමයින් අහල පහලට යනවා කියලා හිතෙනවා .මේක රම්මුතුගල රැදවුම් නිවාසය නම් එය එහෙමත් වුනාද බලන්න
Subhaasinie Wednesday, 24 November 2021 11:55 AM
රැදවුම් නිවාස අධිකරණයෙන් පරිවාස නිළධාරින්ගේ නිර්දේශ අනුව එවන් ළමයින් රදවා තබන බන්ධනාගාරය සමාන නිවාස වර්ගයකි. ළමා නිවාස ලෙස නොසැලකේ, පාලනය අධිකරණ යෙන් නොව පරිවාස දෙපාර්තමේන්තුව මගිනි