(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ මිනී මැරුම් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂ ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ බැංකු ගිණුම් සම්බන්ධ වාර්තා කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවි අද (03) අවසර ලබා දුන්නාය.
ඒ අනුව ඔවුන් දෙදෙනාගේ බැංකු ගිණුම් 81 ක වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන්නැයි අදාළ බැංකුවල මූල්‍ය කළමනාකරුවන්ට නියෝග කළාය.
නීතීපති වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පිරීස් මහතාගේ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට රාජපක්ෂලාගේ බැංකු ගිණුම් කෝ?
ඒවා හොයන්නට තමා අපි යහපාලනයට ඡන්දේ දුන්නේ ගියපාර..