(මනෝප‍්‍රිය ගුණසේකර)
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන ඇයැදුම්පත සම්බන්ධ තීන්දුව ලබන ඔක්තෝබර් 9 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (20) දැනුම් දුන්නේය.
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන ඇයැදුම්පත සම්බන්ධයෙන් දෙපාර්ශවයේම නීතීඥවරුන්ගේ දේශන සළකා බැලූ විනිසුරුවරයා තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම සඳහා එලෙස දින නියම කළේය.
මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම්පත සම්බන්ධ තීන්දුව ඔක්තෝබර් 9 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව දැනුම් දුන් විනිසුරුවරයා පෙත්සම එදින යළි කැඳවීමට නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd