IMG-LOGO

හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම 23 දා සළකා බලයි

 

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන්  නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත්, ඔහුව මුදාහරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 23 සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීන්දු කළේය.

එම පෙත්සම එල්.ටී.බී දෙහිදෙණිය, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරේරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ  කැඳවිණි.

එහිදී පෙත්සම්කාර නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන්  පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා මහතා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීමේ මුල් නඩුව අද (16) කොටුව අධිකරණය හමුවේ කැඳවන බවත්, එහිදී ඉදිරිපත් වන කරුණු අනුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ගන්නා බව කීය.

සියලු කරුණු සළකා බැලූ ⁣ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල  පෙත්සම   ලබන 23 වැනිදා සළකා බැලීමට දින නියම කළේය.

නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, එහි ස්ථානාධිපති, නීතිපති ඇතුළු 6 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා  ගැනීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙසත් , නීතීඥ  හිජාස් හිස්බුල්ලා මහතා බැලීමට  ඔහුගේ පවුලේ ඥාතීන්ට හා නීතීඥවරයකුට අවසර ලබා දෙන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.

පෙත්සම්කාර නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා, නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සහ රජයේ නීතීඥ අවන්ති පෙරේරා යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.



අදහස් (0)

හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම 23 දා සළකා බලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 331 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 500 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site