IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


සාක්කිකරුවන්ට බලපෑම් නම් අදාල පනතින් නඩුවක් දමන්න නියෝග

(නිමන්ති රණසිංහ)

තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ සැකකරුවන් නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්නේ නම්  ඔවුන්ට එරෙහිව අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ප‍්‍රකාරව නඩුවක් ගොනු කරන ලෙසට කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (19)  නියෝග කළේය.

නඩුවේ සැකකරුවන් විසින් තමාට එල්ල කරන ලද බලපෑම් සම්බන්ධයෙන් මෙම නඩුවේ සාක්ෂිකරුවකු වූ වෙළගෙදර යන අය දිවුරුම් ප‍්‍රකාශයක් මගින් තමන් වෙත දන්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා කරුණු දැක්වීමක් කළේය.එය සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

මෙම නඩුව අද (19)  කැඳවනු ලැබූ අවස්ථාවේදී 10 වන සැකකරු වූ නාවික හමුදා හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘‘නේවි සම්පත්’’ යන අය බන්ධනාගාරය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණී.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනකු ප‍්‍රකාශ ලබා දීමට සූදානම් බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 124 වන වගන්තිය ප‍්‍රකාරව නිලමැදිරියේදී තමන් වෙත අදාළ ප‍්‍රකාශ ලබා දෙන ලෙසට මෙහිදී මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව ඉකුත් 18 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාවික හමුදාවේ සුලූ නිලධාරීන් දෙදනකු වූ සංජීව ප‍්‍රසාද් සේනාරත්න සහ ‘අන්නාචි’ නමින් ආරූඪ නාමයෙන් හදුන්වනු ලැබූ නාවික හමුදා සුලූ නිලධාරින් යා ලබන 28 වැනිදා තෙක් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



අදහස් (0)

සාක්කිකරුවන්ට බලපෑම් නම් අදාල පනතින් නඩුවක් දමන්න නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1964 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1545 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site