(මනෝප‍්‍රිය ගුණසේකර)
 
පැල්මඩුල්ල පොලිසියේ කොස්තාපල්වරයකුට එරෙහි අල්ලස් නඩුව සමාදාන කරගන්නා ලෙස එහි සාක්කිකරුවන්ට මහරගම පොලිසියේ නිලධාරියකු බව කියමින් බලපෑම් කළ පුද්ගලයා පිළිබඳව වහාම සොයා බලා වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අල්ලස් කොමිසමට අද (09) නියම කළේය.
 
පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බලපෑම් නොකරන ලෙස විත්තිකාර පොලිස් කොස්තාපල්වරයාට තරයේ අවවාද කළ විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බලපෑම් කළ බව හෙළිවුවහොත් නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඞ් බාරයේ රඳවා තබන බව දැනුම් දුන්නේය.
 
රථවාහන වරදක් කළ තී‍්‍රරෝද රථ රියදුරෙකුගේ ජාතික හැඳුනුම්පත හා රියදුරු බලපත‍්‍රය ආපසු ලබාදීම සඳහා අල්ලසක් ඉල්ලා ලබාගැනීමට අදාළ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ නීතීඥ අනුෂා සම්බන්දප්පෙරුම මහත්මිය ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.
 
2017 ජුලි මස 29 වැනිදාත් 2017 අගොස්තු මස පළමු වැනිදාත්  අතර කාලයේ පැල්මඩුල්ලේදී රථවාහන වරදක් කළ තිලක් ලෙස්ලි කුමාර නමැත්තාගේ ජාතික හැඳුනුම්පත හා රියදුරු බලපත‍්‍රය ආපසු ලබාදීම සඳහා ඔහුගෙන් රුපියල් 6,000 අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනා මත අල්ලස් කොමසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.
අල්ලස් කොමසම විසින් මෙලෙස නඩු පවරන ලද්දේ පැල්මඩුල්ල පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල් ජයන්ත සමරකෝන් විජේසිංහ නමැත්තාට එරෙහිවය.
 
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ නීතීඥ අනුෂා සම්බන්දප්පෙරුම මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ සාක්කිකරුවන්ට පොලිසියේ නිලධාරියකු බව කියාගන්නා පුද්ගලයකුගෙන් බලපෑම් එල්ල වී ඇතැයි දැනුම් දුන්නාය.
 
ඒ අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්කිකරුවන් වන තිලක් ලෙස්ලි කුමාර නමැත්තා සහ තවත් පුද්ගලයකු වෙන වෙනම අධිකරණය හමුවට කැඳවනු ලැබු විනිසුරුවරයා සිදුවුයේ කුමක්දැයි වෙන වෙනම ප‍්‍රශ්න කළේය.
 
එම ප‍්‍රශ්න වලට පිළිතුරු දුන් ඔවුන් මහරගම පොලිසියේ බව කියාගත් මහත්තයෙකු පෙර දිනයක සිය නිවසට පැමිණ මෙම නඩුව සමාදාන කරගන්නා ලෙස දැනුම් දුන් බවත් ඔහුගේ නම කුමක්දැයි තමන් අසා දැනනොගත් බවත් පැවසුහ.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1964										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1545										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සාක්කිකරුවන්ට බලපෑම් කළ පුද්ගලයකු අල්ලන්න නියෝග