IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ශානි අබේසේකරගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කළ ඉල්ලීම කල් යයි

(නිමන්ති රණසිංහ)

පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුලු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීම ඕනෑකමින් නොකර හැරියැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට කළ ඉල්ලීමකට අදාළ නියෝගය ලබන 23 වැනිදා ලබා දිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (20) තීරණය කළාය.

1978 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 (1) (අ) වගන්ති ප්‍රකාරව නිතීඥ ජගත් ජාලිය සමරසිංහ මහතා කළ පුද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් අධිකරණය මෙලෙස දින නියම කළේය.

මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුලු සැකකරුවන් අට දෙනෙකු විසින් ස්වයංක්‍රීය ගිනි අවි, ජීව උණ්ඩ ඇතුලු පීඩාකාරී ආයුධ විශාල ප්‍රමාණයක් බැහැර කළැයි කියන සිද්ධියට අදාළව තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටියදී, ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසට 2015. 03. 04 සහ 2015. 06. 18 යන දිනවලදී අධිකරණ නියෝග නිකුත් වී තිබුණද සැකකරුවන් හිතාමතා අත්අඩංගුවට ගැනීම සිදු නොකළැයි නිතීඥවරයා සිය පැමිණීල්ලෙන් දක්වා ඇත.

 

 



අදහස් (0)

ශානි අබේසේකරගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කළ ඉල්ලීම කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1974 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site