IMG-LOGO

විල්පත්තුවේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අදාළ තීන්දුව කල් යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය තුළ ඉදිකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම අගෝස්තු මස 6 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (27) නියම කළේය.
 
 මෙම පෙත්සමේ තීන්දුව  අද (27) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
 
 එහෙත් අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ නඩු තීන්දුව සූදානම් නොමැති බවත්   එම නඩු තීන්දුව ප්‍රකාශ කිරීම අගෝස්තු මස 6 වනදා දක්වා කල් තබන බවයි.
 
පරිසර යුක්ති කේන්ද්‍රය මගින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
 
එහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අමාත්‍ය රිෂාද් බදියුදීන් ඇතුළු පාර්ශව කීපයක් නම් කර තිබුණි.
 
 
පෙත්සම්කරුවන් කියා සිටින්නේ රක්ෂිත වනාන්තර කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති විල්පත්තු වනාන්තර කලාපය තුල අනවසර ඉදිකිරීම් සිදුකිරීම තුළින් පාරිසරික වශයෙන් විශාල හානියක් සිදුවන බවයි. 
 
පාරිසරික නීති උල්ලංඝනය කරමින් කර තිබෙන මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කරලෙස වගඋත්තරකරුවන්ට රිට් ආඥාවක් නිකුත් කරන මෙන්ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.



අදහස් (8)

විල්පත්තුවේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අදාළ තීන්දුව කල් යයි

surath Wednesday, 27 February 2019 11:04 AM

අනාගත පරපුරේ මහඟු දායාදයන් අද දිනයේ විනාශයට පාර කැපෙන්නේ මෙලෙසයි

:       0       63

Mahee Wednesday, 27 February 2019 11:07 AM

තීන්දුව අගෝස්තු මාසෙට. අනේ දෙවියනි!

:       0       125

Keppetipola Wednesday, 27 February 2019 11:09 AM

අද ඉන්න බොහොමයක් විනිසුරුවන් ගැන කිසිම විශ්වාසයක් තියන්න බැහැ. මොවුන් තීන්දු කල් දමදමා කල් මරනවා. සමහරවිට මොවුන්ටත් යටින් මුදල් එනවා ඇති තීන්දු කල් දමන්න සහ වෙනස් කරන්න. පොඩි මිනිහට එක තීන්දුවක් හොර දේශපාලකයින්ට වෙනත් තීන්දු දෙන එකම රට ලංකාවයි. දූෂිත විනිසුරුවන් එලවා දමන්න වෙනම වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක විය යුතුයි.

:       0       442

MaheeWednesday, 27 February 2019 05:20 PM

කියන්න ඕන දේ නම් හරියටම කිව්වා ඔබ. කොහොමද ඒක කරන්නේ? මේ හොරු රැළට ඕන මේ වගේ කට්ටිය නිසා ඔවුන්ගෙන් නම් බලාපොරොත්තු වෙන්න බැහැ කිසිම වෙනසක්. නාගානන්ද වගේ ඉදිරියට යන කෙනෙක් සමහරවිට ඒ වෙනස ඇතිකරයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්.

:       0       208

athula Wednesday, 27 February 2019 07:26 PM

ඔය විනුසුරු වරුන්ට රටක පරිසරය ගහකොළ යනාදිය නොමැතව මෙම මිහිතලයේ ජීවත් වෙන්න බැරිබව කියල දෙන්න ඕන, එතකොට මෙම උතුමා පරිසරයට හිතකාම් තීන්දුවක් දෙයි

:       0       1

sarath perth Thursday, 28 February 2019 03:02 AM

බාල ගිරි දෝෂ උසාවි වලටත් බලපානවා. අම්බරුවන් පාලනය කරන රටක තරම .

:       0       5

Mangala Thursday, 28 February 2019 06:02 AM

තීන්දුව ලියන්න මාස 06ක් ඕනද? දෙයි හාමුදුරුවනේ මගේ රට.

:       0       30

Matalan Thursday, 28 February 2019 08:56 AM

අාවට ගියාට තීන්දුව දෙන්න බැහැ. බලවත් ඇමතිවරයෙකුට විරුද්ධවනේ දෙන්න තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 18 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 601 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site