(ඉන්දිකා රාමනායක)
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ජංගම දුරකතන දෙකක් සහ චාජර් දෙකක් රැගෙන යාමට උත්සහ කළ බව කියන චෝදනාවට මාලිගාකන්ද අධිකරණ හමුවේ වරද පිළිගත් විත්තිකරුවකුට අතිරේක මහේස්ත‍්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (9) මාස 3 ක ලිහිල් සිරදඬුවමක් නියම කළාය.
මෙලෙස සිර දඬුවම නියම වුයේ මාලිගාවත්තේ පදිංචි සංජීත් සංජීව නැමැත්තායට.
මෙම විත්තිතරු බන්ධනාගාර ගත වී සිටින වෙනත් රැඳවියකුට ලබා දීම සඳහා ඊයේ (8) ආහාර බාස්කට් එකක් තුළ සූක්ෂම ලෙස මෙම දුරකතන දෙක හා චාජර් දෙක රැගෙන ගොස් සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් අමුත්තන් පරීක්ෂා කරන ස්ථානයේ දී මෙම භාණ්ඩ සමඟ මොහු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල පොලිසියට බාර දීමෙන් පසු බොරැල්ල පොලිසිය සැකකරුට චෝදනා ගොනුකොට මාලිගාක්නද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
විත්තකරු එම චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගැනීම හේතුවෙන් මහේස්ත‍්‍රාත්වරිය විත්තිකරුට මෙම දඬුවම නියම කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd