IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


- ව්‍යාජ ඔප්පුවකින් ඉඩමක් විකුණන්න හැදූ 5ක් හිරගෙට

(මනෝප්‍රිය ගුණසේකර)
 
කොල්ලුපිටිය සමුද්‍ර මාවතේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් මඟින් පිටස්තර පුද්ගලයකුට විකිණීමේ චෝදනාවන්ට වරදකරු වූ එකම පවුලේ සිව්දෙනෙකු ඇතුළු පස්දෙනෙකුට බරපතල වැඩ සහිත 67 වසරක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම වංචනික ඉඩම් විකිණීම හේතූවෙන් අගතියට පත් පාර්ශවයට රුපියල් කෝටි 1 1/2කට ආසන්න වන්දියක් ගෙවීමට අද (01) නියම කළේය.
 
කොල්ලුපිටිය සමුද්‍ර මාවතේ ඇලෝයි ඇව්නිව් පිහිටි ඉඩමේ හිමිකරු විදේශගතව සිටියදී මීට වසර 8 කට ඉහතදී පර්චස් 29ක එම ඉඩම ව්‍යාජ ඔප්පුවක් මඟින් පිටස්තර පුද්ගලයකුට විකිණීම ඔවුන්ට විරුද්ධව තිබූ චෝදනාවයි.
 
වරදකරුවන් වු විත්තිකරුවන්ට නියම කළ දඬුවම්වලට අමතරව ඔවුන් රුපියල් 130,000ක දඩයකටද විනිසුරුවරයා යටත් කළේය.විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් විනිසුරුවරයා ඔවුන්ට මෙලෙස දඬුවම් නියම කළේය.
 
චෝදනාවන්ට වරදකරුවන්වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කිස්ටි විවියන් රුද්‍රිගෝ, ධම්මික රුද්‍රිගෝ, ජෙයරාජ් අමරසිරි හෙවත් ජයනාත්, ජයන්ත රුද්‍රිගෝ සහ චින්තා රාජපක්‍ෂ නමැත්තන්ටය.
 
2012 ඔක්තෝම්බර් මස 24 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නීතීඥ කන්දයියා නීලකන්දන් මහතා විසින් සකස් කළ විකුණුම් ඔප්පුවේ හිමිකරු මෙම නඩුවේ පළමුවැනි විත්තිකරු වන විවියන් රුද්‍රිගෝ නමැත්තා නොවන බව දන්මින් කොල්ලුපිටිය සමුද්‍ර මාවතේ ඇලෝයි ඇව්නිව් පිහිටි ඉඩම වෙනත් පුද්ගලයකුට විකිණීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව අදාළ ඉඩම ව්‍යාජ ඔප්පුවක් මඟින් වෙනත් පුද්ගලයකුට විකිණීම ඇතු`ථ චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණී.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් විත්තිකරුවන් අදාළ චෝදනාවන්ට වරදකරුවන් බව විනිසුරුවරයා තීරණය කළේය.
 
 ඒ අනුව නඩුවේ පළමු විත්තිකරුට වසර 25 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්ද රුපියල් 50,000ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා අගතියට පත් පාර්ශවයට රුපියල් ලක්‍ෂ 20 වන්දියක් ගෙවීමටද නියම කළේය.

දෙවැනි, තුන්වැනි හා පස්වැනි විත්තිකරුවන්ට වසර 10 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්ද රුපියල් 10,000- බැගින් දඩද සිව්වැනි විත්තිකරුට වසර 12ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්ද රුපියල් 10,000- දඩද නියම කළ විනිසුරුවරයා අගතියට පත් පාර්ශවයට රුපියල් ලක්‍ෂ 30 බැගින් වන්දි ගෙවීමටද නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ වසන්ත පෙරේරා මහතා පෙනී සිටි අතර කොළඹ වංචා විමර්ශන අංශය වෙනුවෙන් කොස්තාපල් 69057 රත්නායක මහතා පෙනී සිටියේය.



අදහස් (7)

- ව්‍යාජ ඔප්පුවකින් ඉඩමක් විකුණන්න හැදූ 5ක් හිරගෙට

sarath Wednesday, 01 July 2020 11:30 AM

හොර ඔප්පු හදන අයට රතු එළියක්...

:       0       14

sashiranga perera Wednesday, 01 July 2020 11:52 AM

හැම හොරකමකටම මූලික වන වාසගම ‘‘රාජපක්ෂ‘‘ ... මරු නේද?

:       49       316

RaveendraWednesday, 01 July 2020 02:04 PM

පළමුව අප කිසිවෙකු හට සුදුහුණු තැවරීමට උත්සාහ නොකරන බව සඳහන් කරන්නෙමු.. ඔබ සඳහන් කර ඇති පරිදි කිසිවෙකු "හැම හොරකමකටම මූලික වන වාසගම 'පෙරේරා' ලෙස සඳහන් කරේ නම් ඔබගේ සිතට ඇති වෙන අවංක හැඟීම දණ ගැනුමට කැමැත්තෙමු.. එලෙසම ඔබගේ අදහස් පරිදි "වික්‍රමසිංහ" වාසගම හිමි හැම දෙනාම රට පාවා දෙන්නෝය.. එලෙසම "ප්‍රේමදාස" වාසගම හිමි හැමදෙනාම වස්සානය.. එලෙසම "දිසානායක" වාසගම හිමි හැම දෙනාම දියව් දියව් කියමින් මුළු සමාජයටම වද දෙන්නෝය.. අපට නම් ඔබ පිළිබඳව අවංකවම ඉතාමත් කණගාටුදායක සිතුවිල්ලක් පහළ වූ බව සඳහන් කරන්නෙමු.. අප විශ්වාස කරනවා ඔබ අපගේ මෙම අදහස් සමග කිසිඳු සිත්තැවුලක් ඇති නොකරනු ඇතැයි...

:       505       318

silva Wednesday, 01 July 2020 12:39 PM

කොහොමින් හරි රාජපක්ෂ කෙනෙකුත් ඉන්නවා...

:       5       63

රට වැසියා Wednesday, 01 July 2020 01:07 PM

විශිෂ්ඨ නඩු තීන්දුවක්, මේ වගේම සිද්ධියකට මමත් දැන් මුහුණ පාලා ඉන්නේ. දැනට නීති මගින් කටයුතු කරමින් ඉන්නවා. මීට අවුරුදු 15 කට ඉස්සෙල්ලා මම සල්ලි දීලා බැංකු ණයකුත් අරගෙන මිලදී ගත්තු ඉඩමේ කොටසක් මට ඉඩම විකුණපු මුල් අයිතිකාරියම හොර ඔප්පුවකුයි සහ හොර ඉඩම් සැලැස්මකුයි හදලා අල්ලපු ඉඩමේ ඉන්න එයාගේ දුවට ආයි සල්ලිවලට විකුණලා. අවුරුදු 12කට පස්සේ ඉඩමේ ගේ හදන්න යන කොට මහරගම නගර සභාව මගේ ඉදිකිරීම් සැලැස්ම ප්‍රතික්ෂේප කළාමයි සිද්ධිය දැන ගත්තේ... නගර සභාව මට කිව්වා ඉඩම මගේමයි කියලා ඔප්පු කරන්න කියලා. මාව උඩ ගිහිල්ලා බිම වැටුණා. මමත් හිටියේ රට... ඉඩමේ වැට ගහන කොට අපිට පොලිසි යන්නත් වුණා. හැබැයි පොලිසියේදී ඔවුන්ගේ රෙදි ගැලෙව්වා. හොරු ටික ගමේ ඉන්නේ හොඳ වැදගත්, සත්ගුණවත් උපාසකයින් වගේ... එ් නිසා විදේශවල ඉන්න අයට කියන්නේ තමුන්ගේ ඉඩම් ලංකාවේ තියනවා නම් හැම තිස්සේම කල්පනාවෙන් ඉන්න... දේශපාලකයින් සමාජේ කාලා තියෙන්නේ. ලංකාව හොරුන්ගේ පාරාදීසයක්...

:       0       123

RaveendraWednesday, 01 July 2020 04:49 PM

ඔබගේ අදහස් 200% නිවැරදිය. අපේ රටේ සමාජය ඒ තරමටම පිරිහී ඇත. ඉතාම කණගාටුදායකයි. අනුන්ගේ දෙය හොරෙන් කඩාවඩා ගන්නා තරමට මිනිසුන් දුෂ්ඨයි...

:       0       1

samantha gunarathna Wednesday, 01 July 2020 01:48 PM

රාජපක්ෂලා සේරම හොරු නොවේ... ඒත් හැම හොරෙක්ම රාජපක්ෂ කෙනෙක්...

:       0       139

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 332 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site