IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් නීතිපති ඉදිරිපත් නොවේ

(තිළිණි ද  සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ රිට් පෙත්සමේ වගඋත්තරකරුවෙකු වන වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව නීතීපතිවරයා අද (29) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
 
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමඟ එක්වී බොරු සාක්ෂි සෑදීම සඳහා කුමන්ත්‍රණය කළා යැයි කියන චෝදනා යටතේ තමන්ට එරෙහිව නුගේගොඩ  මහසේත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සහීඩා බාරි මහත්මිය මේ බව අධිකරණයට දැනුම් දුන්නාය.
 
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
 
වගඋත්තරකාර වැඩබලන පොලිස්පතිවරයා නීතිපතිගේ උපදෙස් මත ක්‍රියා නොකිරීම හේතුවෙන් තවදුරටත් තමන්ට ඔහු වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි බවද එහිදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥවරිය වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියාය.
 
කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ  විනිසුරු මඩුල්ල එම පෙත්සම සම්බන්ධයෙන් අදාළ විරෝධතා ඇත්නම් ඒවා ජූලි 31 වැනිදා හෝ ඊට පෙර අධිකරණටට ඉදිරිපත් කරන්නැයි ද පෙත්සමේ වගඋත්තරකරුවන් වන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් , නුගේගොඩ මහේස්ත්‍රාත් සහ නිීතිපතිට නියම කළේය.
 
වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවගැනීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඉකුත් 08 වැනිදා අතුරු නියෝගයක් නිකුත් කඝ අතර , එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු බලපැවැත්වෙන පරිදි මෙම නියෝග නිකුත් කෙරිණි .
 
 

තමන්ට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය නවත්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඞ් මීහාල් , වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න , නීතිපති ඇතුළු තිදෙනෙකු නම් කරනු ලැබ සිටිති.
 
 
පෙත්සම්කාර ගිහාන් පිලපිටිය මහතා සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ හිටපු  පාර්ලිමේන්තු මන්ත්රී  රංජන් රාමනායක මහතා සමඟ එක්වී බොරු සාක්ෂි සෑදීම සඳහා කුමන්ත්‍රණය කළා යැයි කියන චෝදනා යටතේ  නුගේගොඩ  මහසේත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාග සම්බන්ධයෙන් තමන්ට එරෙහිව සිතාසියක් නිකුත් කර ඇති බවය.නමුත් එම නඩුව කැදවීම පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කල් ගිය බවත් ,තමන්ට ලබන 28 වැනිදා යලි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට එම මහේස්ත්රා ත්වරයා සිතාසියක් නිකුත් කර ඇති බවද පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.
 
 
එලෙස සිතාසි නිකුත් කීරීම නීතියට පටහැනි බවත් , සිය අයිතිවාසිකම් කඩවී  ඇති බවත් , එසේම එය ස්වභාව යුක්ත මූලධර්මයට පටහැනි  බවද පෙත්සමේ සදහන්වේ.
 
 
එබැවින් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසද , තමන්ට එරෙහිව පවතින මහේස්ත්‍රාත් නඩු විභාගය නවත්වන්නැයිද  පෙත්සම්කාර හිටපු මහාධිකරණ විනිසුරුවරයා සිය රිට් පෙත්සමින්  ඉල්ලා තිබිණි.
 
පෙත්සම්කාර හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතා ගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.
 
 
නීතිපති වෙනුවෙන් , ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥවරුන් වන සහීඩා බාරි සහ ලක්මිණි ගිරිහාගම යන මහත්මීහු පෙනී සිටියහ.
 



අදහස් (0)

වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් නීතිපති ඉදිරිපත් නොවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1974 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site