(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
උතුරු පළාත් සභාවේ හිටපු ධීවර හා ප‍්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී.ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට තමන් ගත් තීරණය ක‍්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු නියෝගය එරෙහිව උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ගොනු කළ අභියාචන පෙත්සම නිෂ්ප‍්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) තීන්දු කළේය.
මෙම අභියාචන පෙත්සම ප‍්‍රියන්ත ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ මුර්දු ප‍්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම පෙත්සම ඉවත දමන ලදී.
ඉකුත් වසරේ උතුරු පළාත් සභාවේ ධීවර හා ප‍්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී. ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබූ අතර එම නිවේදනයට එරෙහිව පී. ඩෙනීෂ්වරන් මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබිණි.
මෙහි වගඋත්තරකරු වශයෙන් උතුරු පළාත් සභාවේ හිටපු ධීවර හා ප‍්‍රවාහන අමාත්‍යවරයා , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.
පළාත් මහ ඇමැතිවරයකු ගත් තීරණයක් වළක්වාලීමට අභියාචනාධිකරණයට බලයක් නැති බවත් , එබැවින් එම අතුරු නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලා හිටපු උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා මෙම අභියාචන පෙත්සම ගොනු කරන ලදී.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
විග්නේෂ්වරන්ගේ පෙත්සම ඉවතට