(ටෝනි කරුණානායක)
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී ව්‍යාජ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යාමේ චෝදනාවට වරදකරු වූ විත්තිකාරියකට මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් මංගල වර්ණකුලසුරිය මහතා රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය.
කුරුණැගල , මාස්පොත ප්‍රදේශයේ පදිංචිකාරියක් වන නිල්මිනි ප්‍රියංගිකා වීරසිංහ නැමැති විත්තිකාරියට මෙසේ දඬ නියම විය.
විත්තිකාරිය සංචාරක වීසා මගින් එක්සත් ආරාබි රටේ ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් දෙදෙනෙකු විදෙස් ගත් කිරීමට කටුනායක ගුවන් තොටුපලට පැමිණ සිටියදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපලේදී 2017 දී අත්අඩංගුවට ගන්නා ලදී.
පසුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැර තිබූ විත්තිකාරියට විරුද්ධව 23 වැනිදා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීමෙන් පසු මෙසේ දඩ නියම කෙරිණි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ලියාපදිංචි නොවූ විදේශ රැකියා ඒජන්සිකාරියට ලක්ෂයක් දඩ