(ටෝනි කරුණානායක)
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී ව්‍යාජ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යාමේ චෝදනාවට වරදකරු වූ විත්තිකාරියකට මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් මංගල වර්ණකුලසුරිය මහතා රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය.
කුරුණැගල , මාස්පොත ප්‍රදේශයේ පදිංචිකාරියක් වන නිල්මිනි ප්‍රියංගිකා වීරසිංහ නැමැති විත්තිකාරියට මෙසේ දඬ නියම විය.
විත්තිකාරිය සංචාරක වීසා මගින් එක්සත් ආරාබි රටේ ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් දෙදෙනෙකු විදෙස් ගත් කිරීමට කටුනායක ගුවන් තොටුපලට පැමිණ සිටියදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපලේදී 2017 දී අත්අඩංගුවට ගන්නා ලදී.
පසුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැර තිබූ විත්තිකාරියට විරුද්ධව 23 වැනිදා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීමෙන් පසු මෙසේ දඩ නියම කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd