IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


රංජිත් මද්දුම බණ්ඩාර ගොනු කළ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද නියෝගය මේ මස 21 දා

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  )

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළාක්වලන වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුවට එරෙහිව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කර ඇති අභියාචන පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය මෙම මස 21 දින ප්‍රකාශයට පත් කරන බව සිවිල් අභියාචන මහාධිකරණය අද (07) දැනුම් දුන්නේය.

ලෆාර් තාහීර් සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් යුතු සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම  කැඳවුණි.

පෙත්සම වෙනුවෙන් දෙපාර්ශවයේ කරුණු දැක්වීම අද අවසන් කෙරිණි.

සමගි ජනබලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ මෙම අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ , එහි මහලේකම් අකිල විරාජ් කාරියවසම් , උපනායක රවී කරුණානායක යන මහත්වරුන් පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පැමිණිලිකාර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඉක්‍රාම් මොහොමඩ් මහතා පෙනී සිටියේය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් වෙනුවෙන් නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රෝලන්ඩ් පෙරේරා මහතා පෙනී සිටියේය.



අදහස් (0)

රංජිත් මද්දුම බණ්ඩාර ගොනු කළ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද නියෝගය මේ මස 21 දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site