IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මාධ්‍යවේදිනියට එරෙහි නඩුව නොවැ. 26 විභාගයට

සිරකරුවකු පැන ගිය අවස්ථාවේ අධිකරණ භූමිය ජායාරූප ගත කිරීමේ සිද්ධියට අදාළව  මාධ්‍යවේදිනී රේඛා තරංගනී ෆොන්සේකා මහත්මියට එරෙහි නඩුවේ පැමිණිලි පාර්ශවයට සිතාසි නිකුත් කරන ලෙසත් නොවැම්බර් 26 වැනි දා නඩුව විභාගයට ගන්නා ලෙසත් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් ආර්.බී.එච්.ඩී ආර් වැලිගොඩපිටිය මහතා නියෝග කළේය.

එවකට  අධිකරණ රෙජිස්ට්‍රාර් සිරියාවතී ෆොන්සේකා මහත්මිය නිකුත් කළ බව කියන ආඥාවට අකීකරු වී මාධ්‍යවේදිනිය අධිකරණය  ඡායාරූප  ගත කිරිම හේතුවෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 185 වගන්තිය යටතේ රේඛා මහත්මියට එරෙහි චෝදනා ගොනු කරන බව මොරටුව පොලිසියේ පොලිස් කොස්තාපල් (77406) අමිල අධිකරණයට දැනුම් දුන්නේය.

සියලු කරුණු සළකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

විජය පුවත්පත් සමාගම නියෝජනය කරමින් විත්තිය වෙනුවෙන්  නීතිඥ කල්ප තුෂාරක පෙරේරා මහතා පෙනී සිටි අතර චෝදනා පත්‍රයේ සඳහන් කරන පරිදි මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්කි නොමැති බව  අධිකරණයට දැන්වීය.

සිය වෘතිය රාමුව තුළ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් කටයුතු කර ඇති බවද ඔහු පැවසීය.

මෙම ඡායාරූප ලබා ගත් කැමරාවක් හෝ එය පුවත්පතේ පල  කළ පසුබිමක් හෝ නඩුවේ නොමැති බව අධිකරණයට පෙන්වා දුන් කල්ප මහතා මාධ්‍යවේදිනිය විසින් වරදක් සිදුකළේ යැයි හැගී ගියේ නම් සිදුවීම වු දිනම ඡායාරූප ලබාගත් බව කියන කැමරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නඩු භාණඩයක් ලෙස එය අධිකරණයට ඉදිරිපත් කළ යුතුව තිබූ බවද අධිකරණය හමුවේ පැවසීය.

 



අදහස් (0)

මාධ්‍යවේදිනියට එරෙහි නඩුව නොවැ. 26 විභාගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 333 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site