නිමන්ති රණසිංහ
රුපියල් මිලියන 277 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 231 ක් බේරුවල මුහුදේ දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවන් සිව් දෙනෙකු අද (18) අධිකරණයට බාරවිය.
ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම සැකකරුවන් ලබන 25 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය. ඔවුන් මෙම සිද්ධියේ පස්වැනි, හයවැනි, හත්වැනි සහ අටවැනි සැකකරුවන් ලෙස නම් කරනු ලැබිණි.
ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ජගත් රත්නායක, ජගත් ප්‍රියදර්ශන, සුරේන්ද්‍ර ලක්ෂාන් සිල්වා සහ මෛත්‍රීපාල මද්දුමගේ යන සැකකරුවන්ය.
මෙම සැකකරුවන් අද (18) නීතිඥයකු මගින් අධිකරණයට බාරවිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. මෙම සිද්ධියට අදාළ තවත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බේරුවල සිද්ධියේ තවත් සිව් දෙනෙක් රිමාන්ඩ්