නිමන්ති රණසිංහ
රුපියල් මිලියන 277 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 231 ක් බේරුවල මුහුදේ දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවන් සිව් දෙනෙකු අද (18) අධිකරණයට බාරවිය.
ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම සැකකරුවන් ලබන 25 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය. ඔවුන් මෙම සිද්ධියේ පස්වැනි, හයවැනි, හත්වැනි සහ අටවැනි සැකකරුවන් ලෙස නම් කරනු ලැබිණි.
ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ජගත් රත්නායක, ජගත් ප්‍රියදර්ශන, සුරේන්ද්‍ර ලක්ෂාන් සිල්වා සහ මෛත්‍රීපාල මද්දුමගේ යන සැකකරුවන්ය.
මෙම සැකකරුවන් අද (18) නීතිඥයකු මගින් අධිකරණයට බාරවිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. මෙම සිද්ධියට අදාළ තවත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd