( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
බුද්ධි අංශ මඟින් දැනුම්වත් කර තිබියදීත් නොබෝදා සිදුවූ ප‍්‍රහාරය මඟින් මිනිස් ජීවිත අහිමි වූයේ පොලිස්පති ඇතුළු වගඋත්තරකරුවන් නිසි රාජකාරී යුතුකම් පැහැරහැරීම හේතුවෙන් බව සඳහන් කරමින් ඔවුන්ට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කරන ලෙස ඉල්ලා මෙම ප‍්‍රහාරයෙන් දරු දෙදෙනා අහිමි වූ පියෙකු සහ හෝටල් හිමියෙකු මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කරනු ලැබූහ.
වැල්ලම්පිටිය සමන් නන්දන තිරිමාන්න සහ කොළඹ 02 රාමානායක මාවතේ පදිංචි ජනත් විතානගේ යන මහත්වරුන් විසින් ගොනු කරනු ලැබු මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර , හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ නියෝජ්‍ය පොලිස්පති ශ්‍රී ලාල් දිසානායක සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
එම පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පළමු පෙත්සම්කරු බෞද්ධයෙකි.ඔහුගේ දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සඳහා කොච්චිකඬේ පල්ලියේ පූජාවට සහභාගී වූහ. ඒ අතර බෝම්බ ප‍්‍රහාරයට ලක්වීමෙන් දරුවන් දෙදෙනා මරණයට පත්විය .
දෙවැනි පෙත්සම්කරු සංචාරක හෝටල් හිමියෙකි.
මෙම තත්ත්වය පිළිබඳ බුද්ධි අංශ මඟින් පූර්ව දැනුම් දීමක් දී තිබියදීත් වගඋත්තරකරුවන් පියවර නොගැනීමෙන් අපරාධ නඩු විධාන සංග‍්‍රහය සහ දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ අපරාධමය වරදක් සිදු කර ඇත.
එබැවින් වගඋත්තරකරුවන්ට එරෙහිව අපරාධමය නඩුවක් පැවරීමට නීතිපතිවරයාට නියෝග කරන ලෙස පෙත්සම්කරුවන් දෙදෙනා සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව ඔබගේ රත්තරන් දරු දෙදෙනාගේ අකල් වෙන්වීම පිළිබඳව අපගේ අවංක කණගාටුව ප්‍රකාශ කරන්නෙමු. එමෙන්ම මෙම විනාශයෙන් දිවි අහිමිවූ සියලුම අහිංසක පුරවැසියන් මෙන්ම විදේශිකයන්ගේ පවුල් වලටද අපගේ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු. අප තරයේ විශ්වාස කරනවා ඔබ සඳහන් කළ මහජන මුදලින් වැටුප් ලබන නිලධාරීන් පමණක් නොව දියවන්නා ඔයේ ඉන්න රිලව් 225ම මෙම සාපරාධයට වග කිව යුතු බවට... කිසිම රිලවෙකුට මෙම අපරාධයෙන් බේරීමට නිදහසට කරුණු කීමට කිසිඳු ඉඩක් නොමැති බවට...