( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර කටයුතු නොකිරීම තුළින් සිය මූලික අයිතීන් කඩ කළ බවට චෝදනා කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 විභාගයට ගන්නවාද නැත්ද යන පිළිබද නියෝගය පසුවට ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කළේය.
මෙම පෙත්සම් අද (26) යළි ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලු අතර එහිදී මෙම නියෝගය ප්‍රකාශයට පත් කිරීම කල් තබන ලදී.
එම බෝම්බ ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා මිය ගිය පියකු වන නන්දන සිරිමාන්න, සංචාරක ව්‍යපාරිකයකු වන ජනත් විදානගේ, කතෝලික පියතුමන්ලා තිදෙනෙකු, ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයට හසුවූ නීතීඥ මෝදිත ඒකනායක ඇතුළු 12 දෙනෙකු මෙම පෙත්සම් ගොනු කර තිබිණි.
මෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු පොලිස්පති, හිටපු ආරක්ෂක ලේකම්, නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්. ටී. බී.දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කරුණු තහවුරු කෙරිණි.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1964										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1545										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාස්කු ප්‍රහාරයේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවාදැයි තීන්දුව කල්යයි