IMG-LOGO

පාරිසරික යුක්ති කේන්ද්‍රයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ඉදිරි මැතිවරණයේදී පෝස්ටර් , බැනර් සහ කටවුට් ප‍්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘෂ්‍ය දූෂණයට (Visual Pollution) අදාළ රෙගුලාසි වලට අනුව ක‍්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ අද (17) රිට් පෙත්සමක් ගොනු කෙරිණි.

පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය,හිටපු පොලිස්පතිවරයෙකු වන ජයන්ත වික‍්‍රමරත්න සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

2009 වසරේදී මාසයේදී පෙත්සම්කාර සංවිධානය විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කොට , එම පෙත්සමෙන් ඉල්ලා සිටියේ රජයේ පළාත් පාලන ආයතන සඳහා බැනර් ,කටවුට් සහ පෝස්ටර් ප‍්‍රදර්ශනය කිරීම සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් සහ නිර්ණායකයක් සකස් කර නිර්දේශ කරන රිට් ආඥාවක් නිකුක් කරන ලෙයසි.

මෙම පෙත්සම විභාග වන අතරමැද එනම් 2014 නොවැම්බර් 27 වැනිදා මෙම සැලැස්ම සකස් කර අවසන් බව මධ්‍යම පරිසර අධිකාරිය අධිකරණයට දැනුම් දුන්නේය.ඒ අනුව පෙත්සම් විභාගය අවසන් විණි.

නමුත් අවිධිමත් ලෙස පෝස්ටර් , බැනර් සහ කටවුට් ප‍්‍රදර්ශණය මඟින් සිදුවන දෘශ්‍ය දූෂණය වැළැක්වීමට මධ්‍යම පරිසර අධිකාරිය මෙතෙක් පියවර ගෙන නොමැත.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය හේතුවෙන් මෙම රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.එසේ නොවුණහොත් ප‍්‍රධාන නගර මෙම පෝස්ටර් , බැනර් සහ කටවුට් වලන් වැසී පරිසරය දූෂණය වීමත් ඒ හේතුවෙන් ඒවා ඉවත් කිරීමට ප‍්‍රාදේශීය සභා සහ නගර සභාවන්ට මහජන මුදල් වැය කිරීමට සිදුවේ.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද  දෘශ්‍ය දූෂණය සම්බන්ධයෙන් රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසද පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

 

 



අදහස් (0)

පාරිසරික යුක්ති කේන්ද්‍රයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 18 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 601 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site