(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන 52ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරයකු වූ මුත්තුරාජා සුරේන්ද්‍රන් මහතා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (18) නියෝග කළේය.
මෙහි සැකකරුවන් 7 දෙනෙකු අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම් හතට අදාළව නිකුත් වූ නියෝගය සුවිශේෂී කරුණක් ලෙස සළකන බව සදහන් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු එලෙස ඇප මත මුදා හැරියේය.
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරයකු වූ මුත්තුරාජා සුරේන්ද්‍රන් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුණේ ඉකුත් 7 වැනිදා ය. පසුව අධිකරණය මගින් සැකකරු අද (18) තෙක් රක්ෂිත බාරයට පත්කරනු ලැබ තිබිණි.
මෙම සිද්ධියට අදාළ සැකකරුවන් වන්නේ, හිටපු මුදල් අමාත්‍ය සන්දේශ් රවීන්ද්‍ර කරුණානායක, හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන් ජෝෂෆ් අලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී පලිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධී පළිසේන, එහි සාභාපති ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස්, එහි අධ්‍යක්ෂකවරුන් වන, චිත්ත රංජන් හුලුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන්, අජාන් ගාර්දියෙ පුංචිහේවා, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරී සංගරපිල්ලේ පදුමනාපන් සහ සේවක අර්ථසාධක අරමුදලේ නිලධාරී බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර යන අයවලුන්ගේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය සතියේ උසාවියට ආ රවී කරුණානායකට මොකුත් කරන්න එපා කිව්වා.. එතකොට මේ නඩුව ඉවරයිද?