(ඩී.ජී.සුගතපාල,සුමතිපාල දීයගහගේ)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් ‘පොඩි ලැසී’ ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද (16) නියෝග කළේය. බුස්ස බන්ධනාගාරයේ දී ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නඩු පවරා, අත්අඩංගුවට ගෙන තිබිණ.

රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප හතරක් මත පොඩි ලැසී අද මුදා හැරිණි. එසේ වුවත් අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් දින 90ක් රඳවා තබාගෙන විමර්ශනය සඳහා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට පත්කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ (15) නියෝගයක් නිකුත් කර තිබිණ. එම නියෝගය අනුව සැකකාර පොඩි ලැසී රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටී.
සැකකරු එම රැඳවුම් නියෝග කාල සීමාව අවසන් කිරීමෙන් පසු සෑම ඉරුදිනකම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසටත් විදේශ ගමන් බලපත්‍රයක් තිබේ නම් එය අධිකරණයට බාරදෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
නඩුව අද (16) කැඳවනු ලැබූ අවස්ථාවේ රැඳවුම් නියෝග ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින සැකකාර පොඩි ලැසී අධිකරණය හමුවට ඉදිරිපත් නොකෙරිණි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට මරණ තර්ජන එල්ල කිරිම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව බී.වාර්තාවක් මගින් අධිකරණයට වාර්තා කර ඇතත් එම වාර්තාවේ කිසිම තැනක ජනාධිපතිවරයා මරණ බවට ප්‍රකාශ කර ඇතැයි සඳහන් කර නැති බවයි.
තර්ජනය කිරිම සහ බන්ධනාගාර නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරිම යන චෝදනා සැකකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති බවත් ඒවා ඇප දිය හැකි වැරදි නිසා තම සේවා දායකයාට ඇප නියම කරන ලෙසත් නිතිඥවරු ඉල්ලා සිටියහ.
සැකකරුගේ නිතිඥවරයා කියා සිටියේ මෙම නඩුවේ ඇති චෝදනා දෙකට ඇපදිය හැකි බවයි. සැකකරුට අද දිනයේ ඇප ලැබෙන නිසා ඊයේ(15) මෝසමක් ඉදිරිපත් කර ඔහු දින 90 ක රැඳවුම් බාරයට ගෙන ඇති බවත් මෙය අපරාධයක් බවත් ඒ නිසා සේවා දායකයාට ඇප නියම කරන ලෙසත් නිතිඥවරු ඉල්ලා සිටියහ. දෙපාර්ශවයම ඉදිරිපත් කළ කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා පොලිස් පරික්ෂක පොල්වත්ත යන මහත්වරුන් පැමිණිල්ල මෙහෙය වූ අතර සැකකරු වෙනුවෙන් නිමල් රණවක, පුෂ්ප කුමාර අමුගොඩ, අකලංක උක්වත්ත, හර්ෂිකා සමරනායක, හරින්දි කොරයා, ජිනාලි පාගොඩ ආරච්චි, අමා ජයවර්ධන, ඉනිකා හෙන්ද්‍රිවිතාන සහ නිෆ්රාස් නසිර් යන නිතිඥ මහත්ම මහත්මීහු සමඟ ජනාධිපති නිතිඥ ටිරන්ත වලලියද්ද මහතා පෙනී සිටියේය.
COMMENTS
අපි තරම් විහිළු සපයන රටක් ලොවෙත් නැහැ... ලොවි ගහෙත් නැහැ..
කීයක් ලැබුණා දෝ...!!!
ලංකාවේ ඉන්න හැම පාතාලයෙක්ම ආරක්ෂා කරන්නේ දේශපාලුවෝ. හේතුව ඒ අය බලයට එන්නේ පාතාලයින්ගේ උදව්වෙන්... අනේ රටකට ගිය කලක්. බලපල්ලා පාතාලයකු වෙනුවෙන් පෙනී ඉන්න සර්ව සාධාරණය ඉෂ්ඨ කරනවා යැයි කියලා පොරොන්දු වෙලා නීතීඥ වෘත්තියට බැඳෙන නීතීඥයින් ගණන. ලැජ්ජයි නේද? සල්ලි වලට බොලව්... සල්ලිවලට.
නීතිය එහෙමනම් නීතිය එහෙමයි. මේ වගේ කුඩු රජාලා නොහිටපු කාලයක හදපු නීති, ඇඟතලාගන්න බය පොලිසිය සාක්ෂි අවුල් කරන එක, කුඩු සල්ලි වලින් ගන්න පුලුවන් හොඳම ලෝයර්ස්ලා අල්ලන එක නතර වෙනකම් මේ නාඩගම එහෙමමයි.
අනේ වාසනාවන්. පාර්ලිමේන්තුවට ගේන්න වගෙයි කල්පනාව. කැබිනට් ඇමති පදවියකට අවශ්‍ය සුදුසුකම් ඉහළින්ම සම්පූර්ණ කර ඇත.
පොඩි ලැසීව, ඇරෙස්ට් කරලා ඇක්ෂන් ගත්ත පොලිස් නිලධාරීන්ව කොහේහරි දුර පළාත්වලට ට්‍රාන්ස්ෆර් කරයි නේද? නියමයි..
හැබැයි දැන් අය නම් ට්‍රයි කරන්නේ ඇතුළෙම ඉන්න. ඒක ආරක්ෂා සහිත නිසා...
එක රටක්... එක නීතියක්..