IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


පූජිත්ගේ සංශෝධිත දිවුරුම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අදාළව  ඔහුට මුහුණ  දීමට සිදුවූ කරුණු සඳහන් කරමින් ගොනු කළ සංශෝධිත දිවුරුම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) පිළිගනු ලැබීය.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින්  මූලික අයිතීන් කඩ කළ බවට චෝදනා කර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අමාත්‍ය මණ්ඩලය ඇතුළු පාර්ශව කීපයකට එරෙහිව විවිධ පාර්ශව විසින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් අද (25) යළි ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලු අතර එහිදී මෙම දිවුරුම් ප්‍රකාශය පිළිගන්නා ලදී.

මෙම පෙත්සම් සළකා බැලීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්. ටී. බී .දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කරුණු තහවුරු කෙරිණි .

පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා කිසිදු අවස්ථාවක පෞද්ගලික මට්ටමින් කිසිදු පාර්ශවයකට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කර නොමැති බවයි.

පාස්කු ඉරුදින සිද්ධියේ දී තමන්ට මුහුණ දීමට සිදුවූ කරුණු ඔහු විසින් මෙම දිවුරුම් පෙත්සම මගින් සඳහන් කර ඇති බව කියා සිටි නීතිඥ කොරයා මහතා මෑතකදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ බවත් එහි තම සේවාදායකයාට එල්ල කර තිබූ චෝදනා පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ඔහු විසින් මෙම පෙත්සම හරහා අලුතින් කරුණු ඉදිරිපත් කිරීමට සිදු වී ඇති බව ද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

මෙම ඉල්ලීම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සළකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පොලිස්පති විසින් ඉකුත් 23 වැනිදා ඉදිරිපත් කර තිබෙන දෙවැනි දිවුරුම් පෙත්සමෙහි මෙම නඩුවට අදාළ වන කරුණු පමණක් අධිකරණයේ සැළකිල්ලට භාජනය කිරීමට තීන්දු කර ඇත.

තමා සම්බන්ධයෙන් අසත්‍ය , පදනම් විරහිත සහ අපරාධ චෝදනා එල්ල කරමින්  ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ වහා ඉවත් කිරීමට නියෝග කරන්නැයි නීතිපති , ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා ඉකුත් 04 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ  රීති උල්ලංඝණය කරමින් තමා ඇතුළු වගකිවයුතු පුද්ගලයින්ට අපරාධ චෝදනා එල්ල කරමින් මෙම දිවුරුම්  ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙන බව පෙන්වා දුන් නීතිපතිවරයා වැඩිදුරටත් විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ මෙය දේශපාලන වේදිකාවක් නොවන බවයි.

පෙත්සම් අද (25) කැඳවූ අවස්ථාවේදී නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ජුලි මස 17 දා ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම ඉවත් කරගෙන ඒ වෙනුවට සීමිත විරෝධතා ඇතුළත් නව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් නඩු දිනයේ ඔහු වෙත නියෝග කළ බව සඳහන් කළේය.

එහෙත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති දෙවන දිවුරුම් පෙත්සම තුළින් ද නීතිපතිවරයාට සහ එම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට අභූත,පදනම් විරහිත සහ අසත්‍ය චෝදනා රැසක් එල්ල කර ඇති බව සඳහන් කළ නීතිපති ලිවේරා මහතා එම කරුණු පදනම් විරහිත බව ද සඳහන් කළේය.

පොලිස්පතිවරයාගේ එම දිවුරුම් පෙත්සම මගින් නීතිපතිවරයාට පෞද්ගලිකව සහ රාජකාරිමය වශයෙන් අභූත චෝදනා රාශියක් එල්ල කර තිබෙන බවත් එම දිවුරුම් පෙත්සම  හරහා නව තොරතුරු ගණනාවක් අධිකරණය හමුවට රැගෙන ඒමට පොලිස්පති කටයුතු කර ඇති බවද නීතිපති කීය.

මෙම ඉල්ලීම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සළකා බැලූ අගවිනිසුරු ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පොලිස්පති විසින් ඉකුත් 23 වැනිදා ඉදිරිපත් කර තිබෙන දෙවැනි දිවුරුම් පෙත්සමෙහි මෙම නඩුවට අදාළ වන කරුණු පමණක් අධිකරණයේ සැළකිල්ලට භාජනය කිරීමට තීන්දු කර ඇත.



අදහස් (0)

පූජිත්ගේ සංශෝධිත දිවුරුම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1964 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1545 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site