(මනෝප‍්‍රිය ගුණසේකර සහ ටී.කේ.ජී.කපිල)
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට්ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති, ‘රක්නා ලංකා’ හිටපු සභාපතිවරයා, ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ඇතුළු විත්තිකරුවන්ට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විවෘත අධිකරණයේ දී අද (27) අධිචෝදනා පත‍්‍ර බාරදුන්නේය.
සිංගප්පුරුවේ සිට ලංකාවට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් ඇවන්ට්ගාඞ් මෙරිටයිම් සර්විසස් සමාගමේ වාණිජ නෞකා ආරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අංශ ප‍්‍රධානි විශ්වජිත් නන්දන දියබලනගේ මහතා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඇප මත මුදා හරින ලදී.
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළ අධිචෝදනා පත‍්‍ර බාරදීමෙන් පසුව ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරු මඩුල්ල එලෙස ඇප නියම කළේය.
එලෙස අත්අඩංගුවට ගන්නා ලද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට රැගෙන යෑමෙන් පසුව කොළඔ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කළ බව වාර්තා වේ.
ඒ අතර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් කරන ලද නියෝගයකට අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කළ අතර එහිදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් පසුව එම නඩුවේ සෙසු විත්තිකරුවන් සමඟ ඔහුද ඇප මත මුදා හැරීමට නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd