දෙවැනි විශේෂ මහාධිකරණය අද (14) අළුත්කඩේ මහාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදී විවෘත කෙරිණි.
කාලයේ සිදු වු බරපතල මූල්‍ය වංචා අපරාධ නඩු විභාග කිරීමට විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කළ අතර එහි දෙවැනි විශේෂ මහාධිකරණය මෙලෙස විවෘත කිරීම සිදු විය.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම නව අධිකරණය විවෘත කළාය.
(36698)
ඡායාරූප - ලහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුකාර හාමුදුරුවරු රටටම වැදගත් නඩු අහන්නේ නැතුව සමහර නඩුවලින් ඉල්ලා අස්වෙනවනේ. නාගානන්ද මහත්තය දාපු අර කාර් පර්මිට් නඩුවෙන් අග විනිසුරුතුමත් ඉවත් වුනා නේ. කෝකටත් කියල මේ මහාධිකරණයට පිට රටින්වත් නඩුකාර උන්නාන්සේලා ගේමුද මැඩම්?
පළවැනි එකෙන්වත් කෙරෙන වැඩක් පෙන්න නැහැ - ඉතින් තව එකක් මොකටද?
හරියට අධිකරණ බලය තියෙනවද කියල නඩු දාන්න නැත්නම්අ, ලි නඩුව වගේ අධිකරණ බලයනැහැ කියල නිකම්ම නිදහස් වෙලා යාවී
මේ විශේෂ අධිකරණ විවෘත කලත්, මේවායෙහි නඩු අහනවාට බයේ සමහර චුදිතයන් තමාගේ නඩුව ඇසීම වලකන නියෝගයක් ඉල්ලා නැවත නඩු දානවානේ. ඉතින් ඒ බරපතළ නීති විරෝධී ක්‍රියාවට වෙනමම දඩුවමක් දිය යුතුයි නේද ? ඒත් ඒවාට වගකිවයුතු අය නිහඬ ඇයි ?
වැඩක් වෙන්නේ නැහැනේ. නඩු දැම්මට චුදිතයෝ "අපට නඩු දාන්න එපා " කියලා දාන නඩු කල් දාගන්නවානේ. අවුරුදු හතරක් පොල් ගගා ඉඳල දැන් කොහොමද හාමිනේ ඉතුරු වෙලා තියෙන මාස දෙක තුනෙන් සේරම හොරු අල්ලලා හිරේ දාන්නේ? නොකෙරෙන දේවල් වලට කාලේ නාස්ති නොකර ගෙදරට වෙලා තියෙන වැඩක් පලක් බලාගෙන ඉන්න කියලයි කියන්න තියෙන්නේ.
අනුන්ට කපන දේශපාලන වලේ තමන්ම වැටෙන දවසට තමයි දුක් වෙන්න වෙන්නෙ
බලන්නකෝ ඇමෙරිකාවේ, අවුරුදු 3ක් ඇතුළත ට්‍රම්ප් වටේ හිටපු වංචාකාරයෝ පස්දෙනෙක් නඩු අහලා හිරේදාලත් ඉවරයි. මෙහෙ තාම අතගානවා.
කවද හරි දවසක ලංකාවේ අපරාධ කරුවන්ට වඩා අධිකරණ සංඛ්‍යාව වැඩි වෙනවා
අධිකරණ විවෘත කලාය මදි ලංකාවේ විනිසුරුවන් හිඟය නැති කල යුතුය , එම නිසා නඩු කල්යාම සිදුවේ , මහේස්ත්‍රාත් අධිකරණ වල ඉන්න විනිසුරන් ප්‍රමාණය මෙන් අවම වශයෙන් 3 ගුණයක්වත් අලුතෙන් බඳවාගෙන , අධිකරණ වල නඩු ඉඩම් , අපරාධ , රථවාහන වශයෙන් ඔවුන්ට බෙදා දී විසදීමට කටයුතු කල යුතුය .
කරන්න තිබුණේ ආපස්සට නඩු දමන්න දඟලන වෙලාවේ හොරකම් කරන හිල් වහන්න නීති හදන්න. ලොකු සංවර්ධන වැඩසටහන් පටන් ගන්න. අන්තිමට ගහපු බෙරේකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ.