IMG-LOGO

ඝාතන චෝදනාවට වරදකරුවන් වූ 9 කට මරණ දඩුවම

(ඔගස්ටින් ප්‍රනාන්දු)       

පුද්ගල ඝාතන චෝදනාවට වරදකරුවන් වූ එකම පවුලේ අයියා මලෝ ඇතුළු නව දෙනෙකුට හලාවත මහාධිකරණ විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු මෙනෙවිය අද (8) මරණීය දණ්ඩනය නියම කරණු ලැබුවාය.

මාරාවිල මුදුකටුව ලංසිගම ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය නිමල් අජිත් ප්‍රනාන්දු සහ වර්ණකුලසූරිය සුගත් ජෙරාඩ් ප්‍රනාන්දු යන අයියා මලෝ දෙදෙනාට සහ පැට්රික් ඔස්වල්ඩ් ප්‍රනාන්දු ,පිලිප්පුගේ සනත් ප්‍රසන්න ප්‍රනාන්දු,   ලියනගේ චමින්ද ඩික්සන්,කොන්රඩ් රනිල් පිරිස්, සේමිණි විජේන්ද්‍ර ප්‍රනාන්දු, ඩොනල්ඩ් සමන්ත ප්‍රනාන්දු, සහ අජිත් ඇන්ටන් යන පිරිසට මෙසේ මරණීය දණ්ඩනය නියම විය.

2001 වසරේ ජුනි මස 24 වන දින හෝ ඊට ආසන්න දිනයක දී හලාවත මාරාවිල ලංසිගම දී  වර්ණකුලසුරිය මහලේකම්ගේ ලයනල් ප්‍රනාන්දු නමැති අයගේ මරණය සිදු කිරීමේ චෝදනාව මත මෙම නඩුව පවරා තිබුණි.

කඩුවලින් හා පිහි වලින් කපා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම , අයුතු නීති විරෝධි ජනරාශිය යන චෝදනා  විත්තිකරුවන්ට එරෙහිව නගා තිබුණි.

දින ගණනාවක් පැවැති නඩු විභාගයෙන් පසු සාක්කි අනුව විත්තිකරුවන් වරදකරුවන් වී ඇති බව ඔප්පු වූ නිසා ඔවුන් වරදකරුවන් කරමින් විනිසුරුවරිය ඔවුන්ට මරණ දඩුවම නියම ක‍ළාය.

එක් පුද්ගලයෙකුගේ මරණය සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් වීම නිසා නව දෙනෙකුට හලාවත මහාධිකරණයේ දී මරණීය දඩුවම පැනවූ ප්‍රථම අවස්ථාව මේ බව පැවැසේ.

මෙම නඩු විභාගය ආරම්භයේ දී විත්තිකරුවන් දස දෙනෙකු සිටි අතර ඉන් එක් අයෙකු නඩු විභාගය සිදුවන අතරතුර මිය ගොස් ඇති බවත් මෙහිදි අනාවරණය විය.



අදහස් (0)

ඝාතන චෝදනාවට වරදකරුවන් වූ 9 කට මරණ දඩුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 18 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 601 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site