(මනෝප‍්‍රිය ගුණසේකර)
පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුලි මස 5 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා නියම කළේය.
ඔස්ටේ‍්‍රලියානු ජාතිකයකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ ඇටොර්නි බලපත‍්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටී.
1996 සැප්තැම්බර් මස 26 වැනිදාත් 1997 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලයේ රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම හා එම මුදල් සාවද්‍ය පරිහරණය කරන ලදැයිද ඊට ආධාර හා අනුබල දෙන ලදැයි ද චෝදනා හතරක් යටතේ තවත් නඩුවක් පවරා ඇති අතර එම නඩුව සනාථ කිරීම සඳහා සාක්කිකරුවන් විසි එක් දෙනෙකු සහ ලේඛන 13 ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබිණි.
මෙම නඩුවෙන් උදය ගම්මන්පිල මහතාට අමතරව ජයම්පති ක්ලැරි පෙරේරා ජයසිංහ හෙවත් සිඞ්නි ජයසිංහ මහතාට එරෙහිවද නීතීපතිවරයා විසින් චෝදනා නගා ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගම්මන්පිලගේ නඩුව ජුලි 5 වැනි දා යළි කැඳවයි
sirimal Monday, 11 March 2019 12:54 PM
ජුලි හතයි.
ranjith Monday, 11 March 2019 02:17 PM
පිවිතුරු හෙළ උරුමය - නම නම් තියෙනවා කරන වැඩ කොහොමද?
ravi Monday, 11 March 2019 02:31 PM
බොරු ජාතිවාදයක් (පිවිතුරු හෙළ උරුමය) කරේ දාගෙන .. බොරුවට කෑ ගහන, මෙයාවත් එල්ලලා දැම්මා නම් තමයි මට නින්ද යන්නේ. එක්සත් ශ්‍රී ලංකාවට, ගම්මන්පිල කියන්නේ පිළිකාවක් පමණයි!!!
tommy Monday, 11 March 2019 03:54 PM
දැම්මම ලොක්කට කතාකර තිබ්බොත් හොඳයි.