IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ගාමිණි සෙනරත් නඩුවේ විත්ති පාර්ශවයේ ඉල්ලීම ගැන තීන්දුව 27 වැනි දා

(මනෝප‍්‍රිය ගුණසේකර)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා විත්ති වාචක නොකැඳවාම නිදහස් කරන්නැයි විත්ති පාර්ශවයෙන් කළ ඉල්ලීම පිළිබඳ තීන්දුව ලබන 27 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (11) දැනුම් දුන්නේය.

නීතීවිරෝධී ක‍්‍රියාකාරකම් වලින් උපලබ්ද වු රුපියල් කෝටි 55 ක මුදලක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ ඔහුට විරුද්ධව නඩු පවරා තිබේ.

නඩුවේ පැමිණිල්ලේ සාක්කි විමසීම අවසන් කළ අවස්ථාවේදී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනකුට එරෙහි චෝදනා පැමිණිලි පාර්ශවය විසින් ඔප්පු කොට නොමැති හෙයින් විත්තියේ සාක්කි කැඳවීමකින් තොරවම විත්තිකරුවන් නිදහස් කරන්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ හා විත්තියේ කරුණු විමසීම අවසානයේදී විනිසුරු මඩුල්ල එලෙස දැනුම් දුන්නේය.

ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම විනිසුරු මඩුල්ල ලෙස පත් කරනු ලැබ සිටින කොළඹ මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කරන ලදී.

2014 පෙබරවාරී මස පළමුවැනිදාත් 2015 ජනවාරී මස 20 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව කැන්විල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ නඩුවේ දෙවැනි විත්තිකාර පියදාස කුඩාබාලගේ මහතා බාරයේ තිබු නීතීවිරෝධී ක‍්‍රියාකාරකම් වලින් උපලබ්ද වු මුදල් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කිරීම සඳහා කුමන්ත‍්‍රණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම නඩුව වන මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගැනීමෙන් පසුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරු මඩුල්ල මෙම නඩුව ලබන 27 වැනිදා යළි කැඳවීමටද නියම කෙරිණි.

පළමු විත්තිකරු වෙනුවෙන් නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා සමඟ ජනාධිපති නීතීඥ අලි සබ්රී මහතාද, දෙවැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ නවීන් මාරපන මහතා සමඟ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතාද, තුන්වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ හෙමන්ත ගමගේ මහතා සමඟ නීතීඥ නලීන්ද ඉන්දතිස්ස මහතාද, සිව්වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ අනුර චන්දසිරි මහතා සමඟ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතාද ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.



අදහස් (3)

ගාමිණි සෙනරත් නඩුවේ විත්ති පාර්ශවයේ ඉල්ලීම ගැන තීන්දුව 27 වැනි දා

පිටිගල මිලානෝ Monday, 11 March 2019 01:44 PM

මෝටර් බයිසිකලයකින් ඉස්සර ගිය මොහුට දැන් කොළඹ හතේ ගෙවල් දුසිමක් විතර තියෙන්නේ කොහොමද? නඩු නැතුව ඉන්නේ මෙයා දැන් සමනළ තටුවක් යට හැංගිලා ඉන්න නිසාද?

:       0       255

ranjith Monday, 11 March 2019 02:16 PM

නඩු වලින් මෙහෙම ලේසියෙන් ගැලවෙන්න පුලුවන්ද? නීතිය දුප්පත් මිනිසුන්ට විතරමද ක්‍රියාත්මක වෙන්නේ?

:       0       73

Wasudewa Tuesday, 12 March 2019 02:22 AM

ඔය විශේෂ අධිකරණ හදපු එකේ තේරුම මොකක්ද? මහජනතාවගේ බදු මුදල් ලක්ෂ ගණන් නිරාපරාදේ නාස්තියක්. ප්‍රකෝටි ගණන් මහජන මුදල් හොරාකාපු අය ඔක්කොම තවම නිදැල්ලේ. මෙහෙම හොරුන් නිදැල්ලේ ඉන්න රටක් ලෝකේ කොහෙවත් නැහැ.

:       0       271

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1974 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site