IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


’ගොනා කෝවිලේ රාජා’ගේ ගිනි අවිය රජයේ රස පරීක්ෂකට ලබාදීමට නියෝග

ටෝනි කරුණානායක

මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේ දි පොලිසිය සමඟ වු වෙඩි හුවමාරුවේ දී මියගිය 'ගොනා කෝවිලේ රාජා' නැමැති සැකකරු සන්තකයේ තිබූ ගිනි අවිය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර .සි.ඒ.සමරදිවාකර මහතා අද(01)මිනුවන්ගොඩ පොලිසියට නියම කළේය.

මියගිය පාතාල සාමාජික සැකකරු සන්තකයේ තිබූ බී 7736 අංකය සදහන් පිස්තෝලය සහ එම පිස්තෝලයට යොදන උණ්ඩ 05 ක් මිනුවන්ගොඩ පොලිසිය මගින් අද (01) අධිකරණ යට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එසේ පොලිසියට නියම කළේය.

එම පිස්තෝලය මෙරටට නීත්‍යානුකූලව ගෙන්වන ලද එකක්ද යන්නත් මෙම  පිස්තෝලය කිසියම් අපරාධක් සදහා උපයෝගී කර ඇත්දැයි යන්න වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂකවරයාට වැඩිදුරටත් නියම කළේය.

රාජා විමලධර්ම හෙවත් ගොනා කෝවිලේ රාජා නැමැති පාතාල සාමාජික සැකකරු රත්මලාන සහ මොරටුව ප්‍රදේශයේ සිදු වු අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බවත් මිනුවන්ගොඩ පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

ඉකුත් 06 වෙනිදා මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේ නිවසක සැගවී සිටි සැකකරුව කැලණිය කොට්ඨාසයේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු සහ පොලිසිය අතර ඇති වු වෙඩි හුවමාරුවේ දී පාතාල සාමාජික
ගොනා කෝවිලේ රාජා නැමැති පාතාල සාමාජිකයා මියගොස් තිබුණි.

එම මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය ලබන 29 වෙනිදාට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වීමට නියම කෙරුණි.
 



අදහස් (0)

’ගොනා කෝවිලේ රාජා’ගේ ගිනි අවිය රජයේ රස පරීක්ෂකට ලබාදීමට නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 584 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 332 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site