(මනෝප‍්‍රිය ගුණසේකර)
ශ‍්‍රී ලංකාවාසීන් පාරිභෝජනය කරන සමස්ථ සීනි ප‍්‍රමාණයෙන් සියයට 92 ක්ම පිටරටින් ආනයනය කරන හෙයින් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස කන්තලේ සීනි සමාගම ආරම්භ කිරීමට අදහස් කළ බව එම්. ජී. ෂුගර් පෞද්ගලික සමාගමේ හිමිකරු වන කේ. ඩිප්පයියා නාගරාජා මහතා පළමුවැනි විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සාක්කි දෙමින් අද (10) පැවසීය.
මෙම නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින විත්තිකරුවන්ගේ නීතීඥවරුන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවයන් දෙකෙන් එකක් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප‍්‍රතික්ෂේප කළ අතර අනෙක් විරෝධතාවය සම්බන්ධයෙන් නඩුව විභාග කරන අවස්ථාවේදී සළකා බලන බවට දැනුම් දීමෙන් අනතුරුව නඩු විභාගය ආරම්භ කෙරිණි.
ශි‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පෞද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සඳහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් කෝටි 5 1/2 ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 02 ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින ජනාධිපතිවරයාගේ හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයාට එරෙහි නඩුව පළමුවැනි විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී සාක්කි දෙමින් නාගරාජා මහතා එසේ පැවසීය.
මෙම විත්තිකරුවන්ට එරෙහිව ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවැරීමට අවසර දෙන්නැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුමැතිය ලැබීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරනු ලැබීය.
විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් වශ්‍යයෙන් සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු කටයුතු කරති.
2025 ඔක්තෝබර් මස 08
1974
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
එම්. ජී. ෂුගර් සමාගමේ හිමිකරු ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්කි දෙයි